episode 20

17 4 15
                                    

නිවසින් පිටවූවන්ගෙන් ගිය සොම්නසින් ම නිවසට ආවේ නම් ඒ සචී සන් පමණි .ඇය අපේක්ෂා කර පරිදිම සියල්ල සිදුවීම ඊට හේතු විය ...
ඈට එහි වරදක් නොතිබුනි. තවමත් සචී සන් හා අසහිගෙ බැඳීම ගැන සත්‍ය කතාව යුශිරා හැර වෙන කවුරුත් නොදනි .තවමත් අසහි යනු සචී සන් ගෙ පෙම්වතාය. ඕසෝද ඒ බව දන්නව නම් මෙතන වැරදිකරු ඔහුය ..
ඕසෝ අසහිට පෙම් කිරීම සම්මතයන් දෙකක් කඩ කල ක්‍රියාවකි. සචී සන් ච අනුව පලමු සම්මත රීතිය නම් තවකෙකුගෙ සහකරුවෙකුට ප්‍රේම කිරීම අසම්මතයකි .
දෙවන සම්මත රීතිය නම් ගැහැනියක් හා පිරිමියෙක් අතර නොවී වෙන ලෙසින් සිදුවන ප්‍රේමය අසම්මතයකි...
සචී සන් තම හෘද සාක්ෂියට නිදහසට කරුණු ලබා දී සියලු වරද ඕසෝ මත පැටවීය...

ඈ දීන ගණනාවක සිට මෙය කල්පනා කලේය..
ඈ පොත් කියෙව්වා නම් ඒ ආදර කතා පමණි.ඒ හැම පොතකම වාගේ සිටියේ තරුණයෙක් හා තරුණියක් ය .නමුත් එලෙස සිදු නොවන කතන්දර  ගැනද ඈ අසා තිබුනි .ඈ තම සියලු ඇදුම් උනා දමා නග්නව තම සිරුර කැඩපතින් බැලුවේය .විවාදයකින් තොරව ස්ත්‍රී ලාලිත්‍ය මෙන්ම ස්ත්‍රී වර්ගයාගේ හැඩතල සියල්ලක්ම එහි මනාව පිහිටියේය ..
ඒ ස්ත්‍රී කාම රාගයෙන් ගන්නා සතුට පිරිමි ශරීරයකින් තවත් පිරිමි ශරීරයකට දැනෙන්නෙ කෙසේද යන්න ඈ සිතීය ..අකැමැත්තෙන් වුවත් අසහි තමාටත් වඩා සමීප ඕසෝට බවට ඈට දැනි තිබුනි . එහෙයින් ඔවුන් අතර ගොඩනැගෙන බැදීමෙ අංශු මාත්‍රයක්වත් ඉතිරි නොකොට විනාශ කල යුතු බවට ඈ තීරණය කලාය ...

ඕසෝ පැමිණ තම කාමරයේ දොර වසා දමා අප්‍රාණිකව ඇදට වැටුනි . ඔහුගේ ඇසෙන් කදුලු වැල් සෑම තත්පරයකදීම නිහඬව ගලා ගියේය..
තම පපුව වේගයෙන් හුස්ම ගන්නා හඬද නු හුරු වේදනාවක් ශරීරයේ සෑම අංශුවකම ඔඩු දුවන බවත් ඔහුට දැනුනි . තමා මෙතෙක් කල් සැරි සරා තිබුනේ සිහින ලොවක බව ඔහුට දැනීම තරම් වේදනාවක් තවත් නොවුනි ..
ඔහු විසින් අමතක කරන ලද යථාර්ථය සාර්ථක ජය ලබද්දි තමා නීච ලෙස පරාජය වීම ගැන ඔහු දුක් වූයේ නැත ..ඔහුට යම්කිසි දුකක් දැනුනා නම් ඒ යථාර්තය දැන දැනම වරදෙහි බැඳීමය...
සචී සන් විසින් ගෙන ආ මායාකාරීමය දෙනුවන් හි අයිතිකරු ඇයම බව ඈ ඔහු සමග පැමිණි දිනයේදීම පවසා තිබුනි ..ඕසෝ ට කිසිදු තරහක් සචී සන් ගැන දැනුනේ නැත ..ඔහුගේ හෘද සාක්ෂිය නමැති උසාවියේදී වැරදිකරු වූයේ ඔහු ය ...

අවාරයේ සකුරා Where stories live. Discover now