ƈԋαρƚҽɾ 28

956 132 46
                                    

" මං බෙරයක්ද ? "

" මොකක් ? "

මට පොඩිම අයිඩියා එකක්වත් තිබ්බෙ නෑ හසරැල් මොන මගුලක්ද මේ කියවන්නෙ කියලා..

" ඇයි අර කෝල් එකේදි කියලා තියෙන්නෙ බැඳගත්තු බෙරේ ගහන්න එපැයි කියලා...."

යසයි.. ගම කාලනෙ.. දැන් ඉතින් බේරෙන්න ක්‍රමයක් හොයපන් නුවේද්....

Okey.. Let's try !

" හ් හෙ ලොව්..  මො මොකද්ද.. මට ඔයා කියන එක පැහැදිලි නෑනෙ.. හ් හෙ ලොව්.. "

" අනේ බන් අයියෙ තෞසෙට ඒව කියනකොට තමා ඇහෙන්නෙ නැතුව යන්නෙ.. "

" මො.. මොකක්.. මට ඇහෙන්නෙ නෑනෙ.. මං පස්සෙ ගන්නම් බායි.. "

" ඒයි මේ.. කෝල් එක කට් කරන්න ලෑස්ති වෙන්න එප්"

එච්චරයි..වෙන මුකුත් කියන්න කලින්ම  මං ශනික කෝල් එක කට් කරලා දැම්මා..

දැන් ඇති මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු කරන් පුපුර පුපුර..

ඇන්ග්‍රිබර්ඩ් වර්ශන් එකෙන් ඉන්න හසරැල්ගෙ මූණ මතක් වෙනකොට ඉබේම මූණට ආවෙ හිනාවක්..

හසරැල් කීප සැරයක්ම කෝල් ගත්තත් මං ආන්ස්වර් නොකලෙ පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන.. ඊටත් දැන් කතා කරන්න ගියානම් රජතුමාගෙ උදහසට ලක් වෙච්ච රාජද්‍රෝහියා වගේ නඩු තීන්දුයි අහන්නයි වෙන්නෙ.. ඔය බොරු තරහ පොඩ්ඩක් නිවිලා ගියාම ශේප් කරගන්න ඕනෙ.. මල් පැල දහයක් හරි අරන් දෙන්න උනත් කමක් නෑ.. දැන් නම් කතා කරන් නෑමයි.. 

හසරැල් unkonwn numbers වලින් කෝල්ස් ආවොත් ආන්ස්වර් කරන්න එපා කිව්වෙ අරුන් දෙන්නට මාට්ටු උන නිසා වෙන්න ඇති..

කොහොම කොයි විදියට අහු උනාද කියල පස්සෙ අහල බලන්නෝනෙ.. සමහරවිට එතන රසවත් කතාවක් තියෙන්නත් පුලුවන්..

හසරැල් ලඟ ඉන්න , එයා එක්ක කතා කරන , කොටින්ම එයාව මතක් වෙන එකම මොහොතක උනත් දැනෙන්නෙ හරිම සැනසිලිදායක හැඟීමක් ! එයා මගෙ ජීවිතේට අඩිය තිබ්බෙ සතුට කියන දේ මගෙන් සෑහෙන දුරක තිබ්බ වෙලාවක , මට හිනාවෙන්න පුලුවන් හේතුවක් අරගෙන..

ආදරේ ! ඒක හැඟීම් සිය ගානක එකතුවක්..  මං දන්නෙ නෑ ඕවා ලස්සන වචන වලින් පැහැදිලි කරන්න..  ඒත් මේ මොහොතෙ හසරැල් මගෙ ලඟ ඉන්න එක ගැන  මං ඉන්නෙ සතුටින් ! 

සුළඟ නුඹWhere stories live. Discover now