හිත අද්දර 💗
01
ගග අද්දර මා සිහිල් සෙනේ සැනහී..
හද සන්තක විය අනුහස් ආසිරි ගී..
ඔබ හමුවේ මා..
මුව ගොලු වූවා..
ගග අද්දර පෙම් කැදවුම් රසදැහැනේ..
ඉහ ඉද්දර පිපි පාර්තනා සිහිනෙ..
පිබිදුනි ආශා...
ගිනිසිළු සේමා...
"විරාන්... විරානයො....."
"ඔහ් ඕ.... කියන්න නිලුක්ෂි.... "
"මොනාද අනෙ කරන්නෙ මේ පොලොස් මාලුව ඉවර වෙලා විරාන්... බ්ලැකියො ... බ්ලැකියො..."
" ඇයි වදෙ .. කෑ ගහන්නෙ..."
"ඔය පොලොස් මාලුවෙන් ටිකක් මෙහෙට ගෙනත් දාපන් .. ඩිෂ් එක ඉවර වෙලා..."
"හරියො..."
උදේම බුදුපහන තියලා ඇරිය මගෙ පුංචි රෙස්ටුරන්ට් එකට සෙනගින්නම් අඩුවක් නෑ.. කැළණි ගගට අල්ලම හදලා තිබ්බ පුංචි කෑම කඩෙ.. 'නෙළුම් රස' ඒකට නම දැම්මෙ මගෙ අප්පච්චි...
උදේට ඉස්කොලෙ යන දරුවො වගෙම වැඩට යන මිනිස්සු, රබර් කිරි කපන්න යන ගෑනු උදෙ දවල් වේල් වලින් බඩපුරෝගත්තෙ මගෙ කඩෙන්..
ගමෙ රසට ගමේ කෑම...
අපෙ පුංචි රෙස්ටුරන්ට් එකෙ මමයි මගෙ යාලුවො දෙන්නෙකුයි දැන් අවුරුදු 4ක් පුරා වැඩ කරනවා . තිත්තපත්තර කැළණි ගං ඉවුර ළග පොල් අතු මඩුවකින් පටන්ගත්ත අපෙ කඩෙ දැන් කලින්ට වඩා දියුනුයි... අපි ගිය අවුරුද්දෙ කපරාදු කරලා තීන්තත් ගෑවා...