හිත අද්දර 💗
07
සුදු උස තොප්පි දාගත්තු මැදි වයසේ චෙෆ්ලා පස් දෙනෙක් කිචන් එක පුරා ඇස් ගෙනියපු මට දකින්න පුලුවන් වුනා... මේක කිචන් එකක් නෙමෙයි හම්මො මේකෙ ලොකෙ..අලියෙක් උනත් ගෙනල්ලා පෝෂණය කරන්න පුලුවන් මේක ඇතුලේ... ඒ තරමට ලොකුයි මේක...
අර උස තොප්පි දාන් හිටපු අයනම් මෙතන ප්රධාන සූප වේදින් කියන්න පුලුවන් උනත් තවත් ඒ වගේම මෙතන වැඩ කරන සුදු පාටින් සැරසුන චෙෆ්ලා 20ක් විතර හිටියා... මම ටිකක් වෙලා බලන් හිටියේ එයාලගෙ වැඩ පිලිවෙල... එයාලා පුංචි වැඩෙත් බෙදන් කරනවා... එක්කෙනෙක් එළවළු හෝදලා දෙනකොට තව කෙනෙක් කපනවා... තවත් තැනක කෙනෙක් පිගන් වොශර් මැෂින් එකට දානකොට තව කෙනෙක් ඒවගෙ ඉදුල් අයින් කරනවා... බලන්න ලස්සනයි... අපේ කඩවල් වලනම් හැම පොඩි වැඩෙම අපි තනියම කරගන්න ඕන වුනත් මෙතන කස්ටර්මර්ස්ලව වේටින් ලිස්ට් තියන්න බැරි නිසාම හැම වැඩෙම ඉක්මන් වෙන්න එයාලා පරිස්සම් වෙලා තියෙනවා...මේවා ඉතින් මහත්තයාගේ මාස්ටර් මයින්ඩ් එක තමයි...
වෙලාවත් එන්න එන්න ගෙවෙන නිසා මම කිචන් එකේ පිගන් වොෂින් වෙන මැෂින් එක ළග හිටිය උස මැදි වයසේ ප්රධාන සූපවේදියෙක් කියන්න පුලුවන් චෙෆ් ළගට කිට්ටු උනා...
" එස්කියුස් මී "
" මිස්ටර් ... ඔයා කොහොමද කිචන් එකට ආවේ.. ප්ලීස් රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්න..ඕඩර් එක ඉක්මනින් ලැබෙයි"
" අහ්ම් මේ .. මම කස්ටර්මර් කෙනෙක් නෙමෙයි...මම තමයි මාස්ටර්ගෙ අලුත් ඇසිස්ටන්ට්"
" අනේ සර්... සර් ඇයි මෙතන... අනේ මාස්ටර් දැනගත්තොත් එහෙම විසුමක් වෙ...."
" ඔහො... කාම්ඩවුන් චෙෆ්.. මම ආවෙත් මාස්ටර්ගෙ ලන්ච් එක රෙඩි කරන්න තමයි.. මිස්ටර් කළණ කිව්වා මට මේ කිචන් එක යූස් කරන්න පුලුවන් කියලා... "
මගේ අයිඩි එක කිව්ව ගමන් චෙෆ් යටහත් පහත්ව අසරණ වෙලා වගෙ මන් දිහා බැලුවෙනම් කොහොමහරි මාව පන්නගන්න... ම්හූ..ඒවා කොහෙද මං එක්ක...කළණ සර්ගෙ නමත් කිව්ව ගමන් පොරට කට උත්තර නැති වුනා... ඒත් මිනිහා වැඩෙ ඇට්ඃඈරියෙනම් නෑ..