25

1K 157 63
                                    

හිත අද්දර💗
25 කොටස


මහත්තයා මාව පලවෙනි වතාවට දැක්ක තැන ඉදන් දැන් වෙනකන් එයාට දැනුන හැගීම්, එයා මන් ඉස්සරහා වචන කලේ අහන් හිටපු මගෙ පපුවත් එක්ක බර කරලා....

එතකොට දෙවියනෙ මම ආදරේ කරන්න හිතන්නත් කලින්ද එයා මට ආදරේ කරන්න අරන් තියෙන්නෙ.... ඒත් ඇයි මට ඒක පොඩ්ඩක්වත් තේරුන්ගන්න බැරි උනෙ දෙයියනෙ... එතකොට....... මම මෙච්චරකල් හිත හිත වද වුනෙ බොරු මනස්ගාතයක්ද... මහත්තයා එතකොට මට ආදරේ කලේ ඒ විරාන් කිය්ලා හිතලමද... මේ ඇස්... ඒවා.......ඒවා අපිව එක්කහු කල පාලමක් වුනා විතරද.. මහත්තයා ආදරේ කලේ මගේ ඇස් වලට ඒ එයාගෙ මල්ලි නිසා නෙමෙයිද එතකොට....... මම එදා ඒ කතාව භාගෙටද අහන් ඉදලා තියෙන්නෙ එතකොට... 

මහත්තයා කතාව පුරාවටම වැඩියෙන්ම කියපු වචන පේලිය උනේ ' මම ආදරේ මනුස්සකම උතුරන උබේ හදවතට ධනූ' කියන එකම විතරක් උනා.....

මම දැන් මොකක්ද කරන්නෙ... මගේ හිතෙ තියෙන හැගීමම මහත්තයා අකුරු කරනකොට මම තවත් ආපස්සට යන්න ඕනද... මට ඒකට හේතුවක් තියෙනවද.. ඒ ඇස් ,ඒ සීතල හදවත ඇතුලෙන් පෙරිලා එන ආදරේ උණුහුම මට දැනෙනවා... ජිවිතේට මනුස්සයෙක් ඉස්සරහ මේ විදීහට හැගිම්බර නොවන මහත්තයා මන් ඉස්සරහා මේ පෙන්නන ස්වරූපයම ඇති මට උබේ ආදරේ තරම පිලිගන්න මහත්තයා... මන් මොකක්ද කරන්නෙ දෙයියනේ... මන් උබටත් පැලෙන්න ආදරෙයි මහත්තයා...ඒත් මන් මේ මාර්ගේ තෝරගත්තොත් මට ආපස්සට හැරීමක් නැති බව නම් සහතිකයි....ඒත් මට උබ නැති ජිවිතයක් තියෙයිද ....

ධනූ....... මොනවහරි කියන්න ම්ම්... මන් දන්නවා උබ මට ආදරෙයි කියලා... ඇයි තවත් හංගන්නෙ ම්ම්... උබට තාමත් මාව අවිශ්වාසද ?

නැ... නැ මහත්තයා නැ.... මට ඔය ඇස් හැම ඇත්තම කියනවා... මට ඔයාව අවිශ්වාස නැ මහත්තයා.........

එහෙනම් ඇයි මේ...ම්ම්...... මොකක්ද හේතුව ? උබ ඔය තරමටම හිතන්න.....

මහත්තයා..........ඔයාලා පෝසත් මිනිස්සූ... අපි එහෙම ණැ කියන්න ඔයා හොදටම දන්නවා මහත්තයා.. මම මගෙ.....

ෂ්.............ධනූ... සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙ... ජිවිතේට වටින්නෙම සැනසීම ...සැනසීම සල්ලි වලට ගන්න පුලුවන්නම් අද මට කිසිම අඩුපාඩුවක් නොතිබෙන්න තිබ්බා.........

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now