හිත අද්දර
20 කොටස💗
මොකො ම්ම්...උත්තරයක් දෙන්න හිතක් නැද්ද ධනූ...ම්ම්........
මන් හිටියේ හීන ලෝකේ වගේ... මෙච්චර දවසක් මම තනියම දැක්ක හීනයක් මහත්තයාගෙ කටින් වචන වෙලා මන් ඉස්සරහා කිය වෙනකොට මට කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි උනා....
ධනූ.......
ම්මහත්තයා මම...........මම.......
ම්ම්ම් අමාරුවෙන් කියන්න ඕන නැ.. මට ඔය ඇස් කියවන්න පුලුවන්..එනිවේ... ධනූට පහසු වෙලාවක කියන්නකො ම්ම්........
මගෙ කම්මුලකට තට්ටුවක් දාපු මහත්තයා කැබින් එකෙන් එලියට යන්න ගියෙ කට කොණින් හිනා වෙලා.........
මේ මොකක්ද යකෝ මට උනේ... මන් කීයටවත් හිතුවෙ නැ..මහත්තය මෙහෙම දෙයක් කියයි කියලා....එතකොට මගෙ හිතෙ තිබ්බ දේවල්මද මහත්තයගේ හිතෙත් තිබිලා තියෙන්නෙ... ඒත් කොහොමද මහත්තයට මාව එහෙම දැනුනෙ... දෙයියනෙ මන් අතින් කොතනවත් වැරදුනාද...
ඒ මොනා උනත් මට බැ මහත්තයගෙ යෝජනාවට එකග වෙන්න කොච්චර ආදරෙ උනත් ඒ දේවල් මගේ හිතේම තිබ්බාවේ... මට බැ මහත්තයාගෙ ජිවිතේට මන් වගේ කෙනෙක්ට ලන් වෙන්න දෙන්න... ඒ ඉන්නෙ ඒ පවුලෙ එකම පුතා...අනික මගෙයි මහත්තයගෙ පවුල් පසුබිම පවා අහසට පොළොව වගේ.. එහෙම එකේ මට බෑ මහත්තයා අහස උසට හින මාලිගා හදලා ඒවා ඇස් ඉස්සරහ කඩන් වැටෙනවා බලන් ඉන්න... ඊටවඩා හොද නැද්ද අපි මේ මාළිගාව මෙහෙම්ම අතෑරලා යන එක... මට සමාවෙන්න මහත්තයා මම මේ තිර්ණය ගන්නෙ අපි දෙන්නගෙම හොදට.... පස්සට විදවන්න බලන් ආදරේ කරන්න මන් බයයි...ආදරෙයි ,නොසෑහෙන්න මන් උබට ආදරෙයි...ඒත් මන් ඒක ඔයාට දැනෙන්න අරින්නැ කිය්ලා මටම පොරොන්දු දුන්නා මහත්තයා මට සමාවෙන්න...
කැබින් එකෙ පැත්තක බිත්තියක පැත්තක් වහන් මහ විසාලෙට තිබ්බ මහත්තයගෙ පින්තූරේ දිහා බලන් මටම මුමුණ ගත්ත මන් කිචන් එකට ගියා.... මහත්තයගෙ ලන්ච් එක ගේන්න........
එස්කියුස් මී මිස්ටර් විරාන්?..
යෙස්...
සර්ද අර VIP Area එකට ලන්ච් එකක් රෙඩි කලේ...