03

980 164 44
                                    

හිත අද්දර💗
03


පාන්දර හීතල හුලග ජනෙල් පටි අස්සෙන් මුලු කාමරේම වහාගන්නකොට මම තවත් ටිකක් පොරවන රෙද්ද අස්සෙ ගුලි උනා...

මෙහෙ පාන්දරට නුවර එළි වගෙ ගගටත් ලග නිසා හුලග හරි සීතලයි...වැස්ස කාලෙටනම් සමහරදාට වතුරත් දානවා...ගග පිටාර ගලන කාලෙට ඉතින් කඩෙත් වහන්න වෙනවා.. හංවැල්ල පාලමෙන් මෙහා වතුරින් යට වෙන එකනම් අනිවාර්යයෙන් වෙන දෙයක් ඉතින්...

අදත් පාන්දර 3.30 එලාම් එකට යාන්තම් ඇස් ඇරගත්තු මම තිබ්බ හීතලටයි කම්මැලිකමටයි තව ටිකක් කොට්ටෙ බදන් ගුලි උනත් මට එහෙම ඉන්න උනෙ ටික වෙලාවයි...

" පුතා...! ලොකු පුතා ..! නැගිටින්න දරුවො යන්නෙ නැද්ද තව ටිකකින් ජනිත් පුතාත් එයි... කෝ නැගිටලා ඇවිල්ලා අර කිරි උගුර බිලා ලෑස්ති වෙයන් කොල්ලො..."

සුපුරුදු මගෙ එලාම් එක ඔන්න අදත් වැදුනා...කන ලග වදින එලාම් එකට වඩා මාව ඇහැරෙන්නෙ ඔන්න ඔය දොර ලග වදින එලාම් එකට තමයි ...

වෙන කවුද ඉතින් මගෙ අම්මාගෙ කටහඩ තමයි ඔය... මන් නිසා එයත් ඉතින් පාන්දරජාමෙ නැගිටගන්නවා... කොච්චර එපා කිව්වත් අහන්නැ.. මගෙ කිරි එක හදන්න එයා ඉතින් ඇහැරෙනවා... කොච්චර කිව්වත් එයා අහන්නැති නිසා මන් දැන් ඕවට මුකුත් කියන්නැ...දැන් අවුරුදු 4ක් පුරාවට උදේට අපෙ ගෙදර වැඩපිලිවෙල ඔහොමයි...

පැය භාගෙන් බ්ලැකියා වඩින නිසා මම අකමැත්තෙන් උනත් මගෙ සැප ඇදෙන් කකුල් දෙක බිමට දාලා කාමරෙ දොරත් ඇරන් ගිහින් මිදුලට බැස්සා...

සීතලයි...තාම ඉර පායන්න හිතලවත් නැති නිසා රෑ වැටුනු පින්නට තාමත් තණකොල ගොල්ල පේමන්ට් එකෙ කහ පාට ලයිට් එලියට දිලිසෙනවා...

වත්තෙ කොනෙ බැදපු අපේ වයිටත් කොම්බුව වගෙ වල්ගෙ අස්සෙ හොම්බ ගහන් බුදි... අනෙ මේකා රෑට කාලා කාලා පාන්දර එළි වෙනකන් බුදි.. අපිත් ගත්තනෙ නල්ල මලෙ බලු කුක්කෙක් ..මූ අපිව මුර කරනවා කෙසේ වෙතත් මූව මුරකරන්න අපි ඇහරන් ඉන්නොන...

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now