13

986 174 67
                                    

හිත අද්දර 💗

13 කොටස







මහත්තයා මගේ නම මුමුණනවා මට යාන්තමට වගේ ඇහුනත් මට ඒ උනුහුමින් මිදෙන්න හිත දුන්නෙ නැ...ඒත් මට ඒ උණුහුමේ ඉන්න උනේ තප්පර ගාණයි .. මහත්තයගේ ෆෝන් එක වැදුණා..

සමහර වෙලාවට මහත්තයා මගේ ළග ඉන්නකොට මගෙ හොද සිහිය මගෙන් ඈතට යන්න ය්නවා.. මේකත් ඒ වගේ වෙලාවක්... මහත්තයගේ ෆෝන් එකේ සද්දෙට මම ගැස්සිලා ගියා වගේම ඒ ඇසිල්ලෙන් ඒ උණුහුම් පපුවෙන් ඈතට යනකොට එයා ෆෝන් එක ආන්ස්වර් කලා...

"මිස්ටර් රදීෂ්..."

"ම්න්..."

"ම්න්"

"ම්න්"

මාර ටෙලිෆොන් කෝල් තමයි මෙව්වා... මුලින් නම කිව්ව නිසා ඒ කෝල් එක ආවේ රදීෂ් සර්ගෙන් කියන්න මම දැනගත්තත් එතනින් එහාට මට මුකුත් උපකල්පනය කරන්නවත් බැරි උනා.. මොකද මට ඇහුනේ එකම වචනයයි 'ම්න්'....... අනේ ඇත්තමයි ම්න් අහගන්න රදිෂ් සරුත් මොන එහෙකට කෝල් ගත්තද මන්දන්නැ...

මන් ඉතින් මහත්තයා බීලා ඉවර කරපු මග් එක හෝදන්න පටන් ගත්තා.. ඔය කෝල් එකෙ අහන් ඉන්න දෙයක් නෑ.. බකමූණගෙන් ඇමතුමක් නෙ..



"ධනුද්දර...."

මග් එක කෝප්ප රාක්කෙන් එල්ලනකොට කෝල් එක ඉවර කරපු මහත්තයත් මන් ළගටම ඇවිල්ලා ...

"මම යනවා.. හෙට උදේ 8 වෙනකොට සීට් එකේ ඉන්න..."

එච්චරක් විතරක් කිව්ව මහත්තයා මම බෙල්ල වනන්නත් කලින් යන්න ගියා........

මෙයාටම ගිය රටනෙ ඉතින් මේ........

මම අම්මව බලන්න අම්මගෙ කාමරේට යනකොට මට ඇහුනා මහත්තයගේ වාහනේ යන්න යන සද්දෙ...

මොනවා උනත් හෙට අනිද්දම සජිත් අයියගෙ ප්‍රශ්නේ විසදෙන එකනම් හිතට සැනසීමක්... සජිත් අයියා මහත්තය එක්ක කටගහන් ආව නිසා මගේ ප්‍රශ්නෙ ඉබේම විසදුනා... ඒ උනාට පව් සරත් අංකල්.. සජිත් අයියා කොහොම උනත් ඒ මනුස්සයා හොද මනුස්සයා...දුෂ්කර පළාතකට මාරු නොකළනම් ඒ ඇති......



ලොකු කල්පනාවක ආව මම දැක්කෙත් නැ කාමරේ ඇතුලට එනකන්ම අම්ම නැගිටලා කියලා... එයා පොතක් කියවනවා...

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now