09

961 174 84
                                    

හිත අද්දර 💗
09




පැය 2ක්....මගේ කඩේ පොළොවට සමතලා වෙලා දැන් පැය 2ක් ගිහින්....... විශ්වාස කරන්න මේ ගෙවුන පැය 2ට හුගාක් දේවල් උනා... පොලොවට නටබුන් වෙලා තිබ්බ ගල් කෑල්ලක්වත් දැන් එතන නෑ... අර මිනිස්සු ඒ සේරම අයින් කරලා ඒ ඉඩම සම්පූර්ණ සුද්ද කලා.... දැන් එතන ඉතුරු පස් ගොඩැල්ලක් තුනී කරපු ඉඩම් කෑල්ලක් විතරයි...

මහත්තයා හදන්නෙ එතන බිමට ගල් අල්ලන්න... දැනටම ඒ ගල් ඕඩරේ පවා ඇවිල්ලා ඉවරයි....

මගේ කදුලු පිහිදාපු මහත්තයා දැන් ෆයිල් ගොඩකට අත්සන් දානවා...... ඒ වෙලාවෙන් පස්සෙ එයා මන් එක්ක තාම එක වචනයක් කතා කලෙ නැ...

මේසේ ඉදන් ෆයිල් ගොඩකට මහත්තයා අවදානේ දුන්නත් මම හිටියේ මේසෙට ඔලුව ගහගෙන... හිත හරි බරයි... බ්ලැකි මගේ යාලුවා .. මට ඌව හුගක් මතක් වෙනවා... දැන් ඌ මෙතන හිටියනම්.. මන් විශ්වාසෙන් කියනවා ඌ මට මෙහෙම ඉන්න දෙන්නැ .. ඌ දන්නවා මට දේවල් අමතක කරන්නෙ කොහොමද කියලා... ඒත් මෙතන තියෙන නිශ්ශබ්දකම කොච්චරද කියනවනම් මට සුසුම් ලන්නවත් නිදහසක් නෑ...ඒ කලත් ඒක මහත්තයට ඇහෙනවා............

කාමරේ පුරා පැතිරෙන AC මැචින් එකෙ සද්දෙට අමතරව සද්දයක් ආවනම් ඒ මහත්තයා ෆයිල් ඇතුලෙ පෙරලන කොලවල සද්දෙ විතරමයි..........


එකතු වෙලා තිබ්බ ෆයිල් ගොඩට තව ෆයිල් එකක් දාපු මහත්තයා පෑන ක්ලිප් කරලා මේසෙ උඩින් තියලා ඔලුව උස්සලා බැලුවෙ මම දිහා... මම ඒක හොරහින් දැක්කත් නොදැක්ක ගානට නලල මිරිකමින් ඔහේ හිටියා.........

"ධනුද්දර ! "

" මහත්තයා........"

" අසනීපයක්ද? "

"නෑ ... නෑ මහත්තයා... මම හොදින්........"

"ම්න්........ එනම් යමු......."

" කොහෙද? "

" මගෙ අපාට්මන්ට් එකට........"

" හෑ........? "

මන් හිතුවෙ මට ඇහුනා වැරදී කියලා.............මේසෙන් ඈත් වෙලා මගෙ ටේබල් එක ගාවට ආව එයා මන් හොදින් කිව්වම දොර දිහාට ඇවිදන් ගියා...... ඒත් එයාගෙ ශෙඩියුල් එකෙ කොහෙවත් යන්න නැති නිසාම මම කලබල උනා මට මොකක්හරි මතක් කරන්න තිබිලා ඒක අමතක උනාවත්දෝ කියලා....... ඒත් එයාගෙ උත්තරේ එක්ක මාව වාඩි වෙලා උන්න පුටුවෙන් ඉබේම නැගිට්ටුනා.........

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now