හිත අද්දර💗
කොටස 30ධනූ කෝ සෙරෙප්පු දෙක ගලවලා මේකට දාහන්...
සාක්කුවෙන් ගත්ත ශොපින් එකක් දිගාරින ගමන් මහත්තයා කියනකොට මන් එයා දිහාට හැරුනෙ මෙච්චර මෙහායින් ඇයි සපත්තු ගලවන්නෙ කියලා අහන්න වගේ...
අතනින් මල් වට්ටියක් අරගන්නොන ධනූ..ඇතුලා ගියාම කරදරයි...
ආයෙ මුකුත් නොකියා මම සෙරෙප්පු දෙක ගලවනකොට එයා පහත් වෙලා ඒ දෙකත් අරගෙන එයාගෙ සපත්තුත් එක්ක බැග එකට දලා ගැටයක් ගහලා අතෙ එල්ලගත්තා...
යමූ ධනූ..
අනිත් අතින් මාව අල්ලගත්ත එයා දළදලාවට ඇතුල් වෙන තැනම පැත්තක තියෙන මල් කඩේ ගාවට මාව අරගෙන ගියා...
කෝකෙන්ද ඕන ම්ම්...
නිල් මානෙල්,මානෙල්,සල්,සමන් පිච්ච මල් වට්ටි එක එක ප්රමාණෙන් තියෙන මල් දිහා බලන් ඉදපු මන් නිල් මානෙල් වට්ටියක් එයාට පෙන්නකොට එයා ඒක අරගෙන මගෙ අතට දුන්නා.......
ගෑනු පිරිමි පෝලින් දෙකකට ඇතුලට යන්න පැති 2ක් වෙන් වෙලා තියෙනකොට අපි දෙන්නා පිරිමි පෝලිමෙ හිටගත්තා......ඒක ගෑනු පෝලිම වගෙ නෙමෙ සට සට ගාලා ඇතුලට යනවා.. ඔව් ඉතින් අපිට නැනෙ ඔය ගමන් මලු ඇද ඇද චෙක් කරන්න.......
ගල් අල්ලපු පාර දිගෙ ඇතුලට යන ගමන් ඈතින් පේන දළදාව දිහා හිනා වෙලා බලපු මම එයාගෙ අතින් අල්ලගත්තා...... මේක මගේ හීනයක්.. ආදරේ නගරය කියන සෙංකඩගලට කවදමහරි මගේ සැබෑ ආදරෙත් එක්ක මෙහෙම එන එක...අද ඒක ඇත්තක් වෙලා... අද මන් එයාගෙ අතින් අල්ලගෙන දළදාව ඉස්සරහටම ඇවිදගෙන එනවා..........
පඩි පෙලත් නැගලා දලදාවට ආව මමත් එයත් අපි ගත්ත නිල්මානෙල් මල් පොකුර මල් ආසනේට පූජකලා....මගෙ අත් යටින් අත් තියපු එයත් මන් එක්කම මල් පූජ කරලා තප්පර කිහිපයක් ඇස් වහගෙන පාර්තනාවක් කලා...