හිත අද්දර💗
22 කොටස
මන් හිටියේ වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වෙනකොට ධනූ මගේ මූණවත් නොබලා ජනේලෙන් එළිය බලාගෙනම ලොකූ කල්පනාවක ගිලිලා හිටියා....
වාහනේ කොනක් නොපෙනෙන ට්‍රැෆික් එකේ හිර වෙනකොට ස්ටීරින් වීල් එකට අතක් තියන් අනිත් අත ශටර් එකට තියන් මන් කල්පනා කලේ මන් මේ චූටි කෝකියා දැක්ක මුල්ම දවස.......
එදා හවස 4ට විතර ඇති... රත්තරන් පාටයි රතු පාටයි මුහු උන අහස වටපිටාවම ලස්සන කරලා තිබ්බත් අහසින් කඩන් වැටුන පුංචි පොදේ තෙමි තෙමීම ගග අයිනේ බංකුවක වාඩි වෙලා ඇස් පියාගෙන හිටපු ඒ පොඩි කොල්ලව...
මන් එදා මගෙ රෙස්ටුරන්ට් එකට ඉඩමක් බලන්න මෙහෙ ආව පලවෙනි දවස... ඒත් එයා මාව දැක්කෙ නැ...එයා හිටියේ මොකක්දො ලොකූ කල්පනාවක අතරමන් වෙලා... එන්න එන්න අහසින් වැටෙන වැහි බිංදුවෙ බර වැඩි වෙන්න ගන්නකොට මන් හිමින් ඒ බංකුව ළගට ලන් උනා... ඒ වෙලත් එයා නෙමෙයි මාව දැක්කෙ.. එතකොටයි මන් මූණ හරියටම දැක්කේ... සූදූම සුදු පොඩි කොල්ලෙක්, ටිකක් දිගට වැවිලා තිබ්බ කොණ්ඩේ නිසා ඒ නළලේ අහුරක් වැහිලා තිබ්බා... රෝස පාට තොල් ළගම තිබ්බ උපල් ලපේ නිසා ඒ කොල්ලට තිබ්බෙ ලේසියෙන් අමතක නොවන ඇස් අහක් කරන්න බැරි අමුතු ලස්සනක්... ඒත් මම ඊලගට දැක්ක දෙයින් මම ටිකක් කලබල උනා ඒ වෙලාවේ... ඒකට හේතුව මොකක්ද කියලා මන් දන්නැ...ඒත් ඒ රෝස පාට තොල් පෙති වෙව්ලනවා මන් දැක්කා... ඒ එක්කම ඒ පියවිලා තිබ්බ ඇස් අගින් කදුළු බිංදුවක් පල්ලම් බැස්සෙ අහසින් වැටුන වැහි බිංදුවකුත් එ කදුලට මුහු කරවන්...එයා අඩනවා....හේතුව මොකක්ද කියලා මම දන්නැති උනත් මම මගෙ ඇස් ඉස්සරහ ඕන තරම් මිනිස්සු අඩනවා මේ ජිවිතේ දැකලා තියෙනවා.. ඒ මගෙ අදුරු අතීතෙත් එක්ක...ඔව් මම දැන් ලෝකයක් ඉස්සරහා ලොකු සල්ලිකාරයෙක් .. ඒ වගෙම ලෝකෙපුරාම මගේ සේවකයන්ගෙ මාස්ටර්.... ලෝකයක් ඉස්සරහා ඒ චරිත දෙකම මවන මට කාටත් නොපෙනෙන එක අදුරු කතාවක් තිබුනා... ලෝකේටම මාව රිදී හැන්ද කටේ ගහන් ඉපදුන වාසනාවන්ත මනුස්සයෙක් වෙන්නැති..ඒත් අද මම ඉන්න තැනට එන්න මන් අහපු දැකපු විදපු මගෙ ජිවීතේ එක මොහොතකට එයාලගෙ ආත්මය එක්ක හුවමාරු කරගන්න ලැබුනොත් එයාලාට තේරෙයි මගෙ හැබෑම ජිවිතේ වේදනාව............