14

1K 181 128
                                    

හිත අද්දර💗

14 කොටස





"ධනුද්දර....."

උස් හඩින් මට කතා කරපු මහත්තයා මන් දිහා ඇස් හීනි කරන් බැලුවම සත්තයි මට මන් අහපු මෝඩ කම කියලා හිතුවා

"මට සමා........... මේ මහත්තයා.........."

එයා මගේ බොස් ...එයයි මෙතන ප්‍රධානියා ඉතින් රාජකාරි වෙලාවෙ මට එයාගෙන් ප්‍රශ්න කරන්න කොහොමත් බැරි බව මට අමතක වෙලා ගියාට මම හැරෙන තැපැලෙන් එයාගෙන් සමාව ගන්න ගියේ.. ඒ උනාට වෙලාවට මගේ කටින් ඒ වචන සම්පූර්ණ වෙන්න කලින්ම මට මතකෙට ආවා මහත්තයා ලෝකේ වෛර කරන වචනයක් කියලා ඒක.. ඒ කතාව වෙනස් කරන්න හිතන් මම සීට් එකෙන් නැගිටලා ඇවිල්ලා මහත්තයා ළගින් හිටගත්තා..

ඒ ඇස් මගේ මූණ දිහාට වැටුනේ පරීක්ෂාකාරි බැල්මක්.......

"ම්ම්?.."

"කැපුම් තුවාලයක්ද?"

මම එහෙම අහනකොටනම් ඒ ඇහිබැමි එකට යා වුනේ අහපු දේ එකපාර එයාට පැහැදිලි නැතුව වගේ........

"ඔය අතේ... ඒක කැපුම් තුවාලයක්ද?"

"ම්හ් මේ පිච්චුනා."

මහත්තයා මගෙනුත් අත හංග ගෙන ආයේ හැන්ද අතට අරගත්තා....

ඔහෝ පිච්චුන තුවාලයක් ඒක තමයි මෙච්චර රිදෙන්නෙ ..ඒත් ඒ එක්කම මතක් උන දේ නිසා මම කලබල උනා වගේම මහත්තයාගේ තුවාල උන ඒ අත ඇදලා ගත්තා...වෙච්ච දේ හිතාගන්න බැරුව මහත්තයා ඇසුත් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියත් මට මේ වෙලේ ඒවට අවදානෙ දෙන්න සිහියක් තිබුන්නැ...



"පිච්චුනා නම් ඇයි දෙයියනෙ ප්ලාස්ටර් ගැහුවෙ.. ඔච්චර දන්නැද්ද පිච්චුන තුවාල වලට ප්ලාස්ටර් අලවන්නැ කියලා මහත්තයා........"

මහත්තගේ මහපට ඇගිල්ලෙ අලවලා තිබ්බ ප්ලාස්ටරේ මන් ගලවලා දැම්මා..

"දෙයියනේ මහත්තයා..මේ..මේකේ දියපට්ටත් දාලා.... දැවිල්ලද ඔයාට ? "

ප්ලාස්ටර් එක ගලවලා ඒ ඇගිල්ල දිහා බැලුවම මගෙ ඇස් රතු උනා..ඇත්තටම මහත්තයා පිරිමියෙක් උනත් ඒ අත් හරි සිනිදුයි.. මහත්තයගේ අත අල්ලපු පලවෙනි තප්පරේම මට හිතුන දේ කවදාවත් දුක් විදපු නැති කෙනෙක් තමයි එයා කියන්න... ඒක ඉතින් ඇත්තනේ..ඒ සිනිදු අතේ ඇගිල්ල පුරා රතුම රතු වෙලා තිබ්බ වගේම තැන් දෙකක දියපට්ටා පවා ඇවිල්ලා තිබ්බා... මේ අස්සෙනේ මේ මනුස්සයා මේක උඩ ප්ලාස්ටර් එකක් අලවන් ඉදලා තියෙන්නෙ ..ඉතින් දැවිල්ල නැතුව තියෙවිද? මගේ අත් මහත්තයගෙ අත් එක්ක බැලුවම රළුයි..අපි පොඩි කාලෙ ඉදන්ම දුක් වින්ද මිනිස්සු.. ඒ වෙලත් පිච්චුනාම දියපට්ටා ආවම දැනෙන වේදනාම මේ සිනිදු අතට දරන්න අමාරු ඇති කියලමයි මට හිතුනේ.. 

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now