12

1K 176 93
                                    

හිත අද්දර💗

12





කවදාවත් නැතුව උදේ 8 පහු වෙනකන්ම නින්ද ගිහින් තිබ්බ මන් ගැස්සිලා වගෙ ඇහැරුනේ මිදුලේ නවත්තපු වාහන සද්දෙකට...

ඇදගෙන හිටපු ශෝටයි ආම් කට් එකයි පිටින්ම එළියට බැස්ස මන් හිතුවෙ ඉෂාර ඇවිත් කියලා උනත් ඒ දැක්ක රෝද 4 නිසා මන් ඉස්සරහට තිබ්බ අඩින එහෙම්ම පස්සට ගත්තා.....

ඒ ඇවිල්ලා තිබ්බෙ මන් කොහෙත්ම බලාපොරොත්තු නොවුන කලු කාර් එක... ඔව් මහත්තයගේ කාර් එක අපේ මිදුලෙ නවත්තලා තිබ්බා.....

ඒක ඇයි මෙහෙ... මහත්තයා ඉන්න ඕන කම්පැනි එකේනෙ.. අනික නිවාඩුව හම්බුනෙ මටනෙ... එයා මොනාද මේ උදේ වරුවේ අපේ ගෙදර කරන්නේ...



වත්තට හරවපු කාර් එක දිහා බලන් මං කල්පනා කරනකොට ඩ්‍රයිවර් ඇවිල්ලා වාහනේ පිටිපස්සෙ දොර ඇරියා වගේම මන් දකින්න බලාගෙන හිටපූ ඒ කඩවසම් රූපේ වාහනෙන් එළියට ආවෙම මන් දිහාට ඒ තියුණු ඇස් වල බැල්ම දෙනගමන්....

ඒ තියුණු ඇස් මගේ ඉහෙ ඉදන් පාදාන්තය දක්වාම තප්පර ගානට මාව ස්කැන් කරනවා මන් හොදටම දැක්කා.....

අප්පච්චිවත් පේන්න නැති තැන මම අඩියක් ඉස්සරහට ආවේ මහත්තයා ආව උවමනාව අහන්න උනත් මන් කතා කරන්න කලින්ම එයා වැරන්ඩ් එකට ඇවිදන් ආවේ ඩ්‍රයිවර්ත් පිටිපස්සෙන් ලැප් එකක් උස්සන් ඇතුලට එනකොට

"ධනුද්දර...."

"ම්..මහත්තයා.."

අනේ මන්දා මට නිකන් දැනුන හැටිද කියන්න මහත්තයගේ කටහ්ඩ නිකන් තරහා ගිහින් වගේ කියලමයි මට දැනුනේ......

"පිලිවෙලට ඇදුමක් දාන් එන්න .. මට ඉමේජන්සි ෆයිල් එකක් තියෙනවා ඔයා එක්ක කම්ප්ලිට් කරන්න.."

එයා මගෙ ආම් කට් එක දිහා ඇස් හීනි කරලා බලලා පිලිවෙලට ඇදුමක් දාන් එන්න කියනගමන් වැරන්ඩ් එකේ වේවැල් පුටුවකින් වාඩි උනේ ඩ්‍රයිවර්ගෙ කට ඕ අකුරෙ හැඩෙට ඇරෙන අතරෙමයි.......



එදා මටත් උනේ ඕකම තමා ඩ්‍රයිවර් මහත්තයො...ඔය කට වහගත්තනම්... ඔයාලගෙ මාස්ටර් අමුතු වෙලා.... හැබැයි මමනම් ආසයි ඒකට..........

හිත අද්දර [ YIZHAN ]Where stories live. Discover now