🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷ජින් එක්ක බයික් එකේ උදේම ගෙදරින් පිටත් උන බෝ හිටියෙ කලබල වෙලා.. මොකද දැනටමත් කේක් ශොප් එකට යන්න හොදටම පරක්කු වෙලා තිබ්බ හන්දා..
"" ඉක්මන් කරල යමන්කො ජින්..""
බෝ ජින්ගෙ උරහිසට අතින් ගගහා එහෙම කිව්වෙ..
""ඉදපන් ඉතින්.. මට බයික් එකක් මිසක් ජෙට් එකක් නෙවේ බං තියෙන්නෙ..""
ජින් එහෙම කිව්වෙ බයික් එකේ වේගෙ තව වැඩි කරන ගමන්..බෝ සැරින් සැරේට වෙලාව බල බල හිටියෙ ජින්ටත් රව රව..
"" නවත්තපන් නවත්තපන් ඔතන..""
ජින් කේක් ශොප් එක පේන මානෙ බයික් එක නැවැත්තුවම බෝ කඩි මුඩියෙ බයික් එකෙන් බැස්සා..
"" ජින් එහෙනම් උබේ ඉන්ටවිව් එකේ වැඩේ හොදට කර ගනින්.. good luck ""
"" thank you.. thank you .. දැන් පලයන් නැත්තම් අර උබේ යක්ස චෙෆා මෙතනටම එයි තෝව හොයාගෙන..""
"" හරි....බං මම ගියා..""
බෝ දුවල යන දිහා ජින් හිනා වේගෙන බලන් ඉදල යන්න යද්දි..බෝ ශොප් එකට බයෙන් බයෙන් ඇතුල් වෙද්දිම සොන්ග් හිටියෙ පොළොව මොප් කරන ගමන්..
"" ගුඩ්මෝනින් සොන්ග්...""
"" ගුඩ්මෝනින් යීබෝ.. මොකෝ අද පරක්කු..""
"" ට්‍රැෆික් එකට අහු උනානෙ.. ""
"" ආහ් ඉක්මනට යනවා කිචන් එකට.. චෙෆාට මල පැනල ඉන්නෙ..""
"" අඩේ මම ඉවරයි අද..""
බෝ ඇතුලට දුවල ගිහින් කිට් එක මාරු කරල ඒප්‍රන් එකයි කැප් එකයි දාගෙන කිචන් එකට එද්දි චෙෆා හිටියෙ කේක් එකක් අයිසින් කර කර..
YOU ARE READING
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔