🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷යීබෝව hospital ගෙනත් දැන් පැය බාගෙකුත් ගෙවිලා...තවම සීන් තියටර් එක ලග පුටුවක ඉදගෙන හිටියෙ...නොයෙකුත් දේ ගැන හිත හිත...
එවෙලෙම තියටර් එකේ දොර ඇරගෙන ඩොක්ටර් එලියට එද්දි...ඊට පිටි පස්සෙන් ඇටැන්ඩන්ල දෙන්නෙක් යීබෝවත් දරුවවත් ට්‍රොලියක දාගෙන ගෙනිච්චා කාමරේකට..
"" මිස්ටර් ඔයා කවුද පේශන්ගෙ.."" ඩොක්ටර් මන් ලගට ඇවිත් ඇහුවෙ එහෙම..
"" ම..ම..ම..""
සීන් වට පිට බල බල කල්පනා කරේ...දෙන්න උත්තරයක් නැතුව..
"" දරුවගෙ තාත්තා ..""
යැන්ග් මැද්දට පැනල උත්තර දෙද්දි.. සීන් ඇස් ලොකු කරන් බැලුවෙ යැන්ග් දිහා..
"" ඒ කියන්නෙ ඔයාල marry කරල නෑ.."" .
""නැ...හැ ඩොක්ටර් ..""
සීන් අකමැත්තෙන් උනත් එහෙම උත්තර දුන්න..
"" ඉස්සරහ පලවෙනි කවුන්ටරේ නර්ස්ට.. ඔයාගෙ විස්තර දෙන්න මිස්ටර්.. මොකද දරුවගෙ උප්පැන්නෙ හදද්දි ඒව අතයවශ්‍ය වෙනවා...ඒ වගේම දැන් පේශන් ඉන්නෙ සිහි නැතිව.. ඔයාට දැන් ගිහින් බලන්න පුලුවන්.. අවසානෙට කියන්න තියෙන්නෙ congratulations..""
"" thank you so much doctor ..""
ඩොක්ටර් හිනා වෙලා එතනින් යද්දි.. සීන් ගියෙ එවෙලෙම යීබෝ ඉන්න රූම් එකට.. බූල් බූල් තියන ලොකු බ්ලැන්කට් එහෙකින් යීබෝගෙ බෙල්ල ලගට වෙන කන් වහල තියෙද්දි.. එක අතකට කැනියුල ගහල සේලයින් බෝතලේකුත් එල්ලලා තිබ්බා.. යීබෝගෙ තොල් සුදු පාට වෙලා වගේම මුලු මූණම මැලවිලා ගිහින් තිබුනා.. යීබෝ ලගට කිට්ටු වෙලා ඒ පිය විලා තියෙන ඇස් දිහා වේදනාවෙන් මම බලන් හිටිය..
එදා රෑ යීබෝට කරපු ලිංගික හිංසා මතක් වෙද්දි යන්තමට උනත්.. කවදාවත් ඇස් වලින් කදුළු හලපු නැති මගෙ හිතම හෙල්ලුවා..මෘදු සිනහවකින් යීබෝගෙ නලල මතට හාදුවක් තිබ්බ මට ඊට එහායින් තලු මරමින් කෙදිරි ගාන කිරි කැටියව මතක් උනේ..
කොට් එහෙක රෙදි කෑලි වලින් ඔතල දග කාර මැණික ඉද්දි.. මගෙ ඇස් වලින් කදුළු ගැලුවා.. චූටි කට හොල්ලමින් කිරි හොයද්දි.. වටේටම ඒ මුතු ඇට වගේ තියන ඇස් යවද්දි..මට හිතුනෙම ඒ රෝස කම්මුල් ඉඹින්න..රෙදි කඩ එහෙට්ට මෙහෙට්ට කරපු මම දැක්ක දෙයින් තවත් පුදුම හිතුනා..
YOU ARE READING
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔