✨ CHAPTER 37 ✨

259 60 5
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

අද උදේම කවුරුත් ගෙදර හිටියෙ නෑ.. වැඩ වගේකට යන්නෙ කියල චෙන් කිව්වෙ නම්.. මට පරිස්සමින් පැටිය එක්ක ඉන්න එයාල ඉක්මනට එනවා කිව්ව.. ඉතින් දහය වෙනකන් නිදාගෙන හිටපු මම පැටියව වඩාගෙන නැගිටල පල්ලෙහාට ආවෙ වට පිට බල බල..

"" චූටි මැණික ඕම ඉන්න මමා කෑම හදනවනෙ..""

මම දරුවව සෝෆා එකෙන්වත් තියන් නැතුව බිමින් තියල සෙල්ලම් කාර් එකක් ලගින් තියල කිචන් එකට ගියෙ කෑම හදන්න.. ඉස්සො ඩෙවල් එකක් හද හද හිටපු මට එලියෙන් ගේට් එක ඇරෙන සද්දෙත් එක්ක වාහනේක සද්දයක් ආවත් මම ගනන් ගත්තෙ නෑ.. මොකද ඉතින් එනව නම් එන්නෙ මේ වෙලාවට චෙන්ල කියල මම දැනන් හිටපු නිසා..

"" ප..ප්..පා...""

දරුව කාටද මන්ද තාත්තා කිය කිය හිනා වෙන හඬවල් මට සාලෙන් ඇහුනත් මන් හිතුවෙ චෙන් එක්ක කියල.. කරි එක ලිපෙන් බාල රයිස් එක ලිපෙන් තියල මම සාලෙට ගිහින් බලද්දි.. දෙයියනේ සීන් ඔයා...

එයා හිටියෙ දරුව වඩාගෙන හුරතල් කරන ගමන්.. මාව එයා තවම දැක්කෙ නෑ.. ඒ තරම් එයා දරුව දිහා ආදරෙන් බලන් හිටියෙ හිනා වෙවී..

"" ම..ම්..මා..""

මාව දැක්ක පැටිය මට කෑ ගහද්දි.. සීන් බය වෙලා මන් දිහා බැලුවෙ.. මම එයාව නොදැක්ක වගේ දරුව ලගට ලන් වෙලා ඒ කම්මුලක් සිප ගද්දි.. සීන් කර කියාගන්න දෙයක් නෑ වගේ මන් දිහා බලන් හිටියෙ..

"" තු..ත්..තූ.......""

මගෙ ශර්ට් එකෙන් දරුව ඇදල අර ගත්ත විදිහට ශර්ට් එකේ බට්න් එකකුත් ගැලවිලා යද්දි.. සීන් ඇස් ලොකු කරන් මගෙ පපුව දිහා බැලුවෙ දරුව කියපු දේ එයාට තේරුන නිසා වෙන්න ඇති..

"" මේ.. පොඩි එක්කෙනාව තැන තැන දාල යන්න එපා.. මොනා හරි කර ගත්තොත් එහෙම..""

සීන් දරුව දැන් කරපු දේ අමතක වෙන්න මට එහෙම කියද්දි...මම ඇස් හීනි කරල සීන් දිහා බලන් හිටියෙ.. කොහෙන් ආපු සත්ව කරුණාවක්ද දන් නෑ මේ.. මගෙ හිත කිව්වෙම එහෙම..

"" ම..ම්..මා..තු..ත්..තූ....""

පැටිය ආයෙත් මන් ලගට එන්න දගල දගල කෑ ගහද්දි.. සීන්ගෙ මූණම රතු වෙලා තිබ්බ කියල නම් බැලූ මැල්මටම පෙවුනා..

DEAR PAIN ( ZHANYI VERSION ) ✔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें