✨ CHAPTER 04 ✨

523 81 12
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷    🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

YIBO P.O.V💚

මම ඇඳට වෙලා හිටියෙ කල්පනා කර කර වෙද්දි ඒ එක්කම කාමරේ දොර ඇරන් ඇතුලට ආන්ටි ආවේ හිනා වේගෙන..

"" පුතා ලෑස්තිද එබෝශන් එකට..""

මම නිහඬවම ආන්ටි දිහා බලන් හිටිය.. තමන්ගෙ හිතත් එක්ක තර්ක කර කර හිටපු මම එක පාරට අඬන්න ගත්තෙ ආන්ටිත් ගැස්සිලා යද්දි..

"" පුතේ මොකද මේ අඬන්නෙ..""

මන් ලගට ආපු ආන්ටි මාව තුරුල් කරන් එහෙම ඇහුවෙ බිදුනු හඬකින්..

""ම..ට...බෑ...ආන්ටි..මේ..දරුවා..නැති..කරන්න..මට..බෑ..ඒක..කරන්න.."" (ඉකිගසමින්)

"" ඇයි පුතේ බැරි..ඔය දරුවා ඔයා හදාගත්තොත්.. මිනිස්සු මොනව කියයිද ඔයාට.. ඒ ගැන හිතන්න පුතේ..දුක් විදින්නෙ නැතුව.. ඔය ළමයව නැති කරල ඉස්සර වගේ සතුටින් ඉන්න පුතේ..""

මම ආන්ටිගෙ තුරුලෙන් ඈත් වෙලා  ඇස් දෙක රතු කරගෙන ආන්ටි දිහා බලන් හිටියෙ..

"" මොනාද ආන්ටි ඔයා මේ කියන්නෙ..එකෙක් කරපු අපරාදෙකට මට පුලුවන් ද මගේ බඩේ හැදෙන දරුවව නැති කරන්න.. මේ දරුවා ආවෙ එයාට ඕනවටද මගේ බඩට.. ඒත් තව ජීවිතයක් ආන්ටි.. එයා මේ ලෝකෙට එන්න ඕන නිසාම මාව අම්ම විදිහට තෝර ගෙන.. ඉතින් මට පුලුවන් ද එයාගෙ ජීවිතය නැති කරල සතුටින් ඉන්න...මට බෑ ආන්ටි.. කවදාවත් මට බෑ මේ දරුවව මගෙන් ඈත් කරන්න..""

"" පුතා.. ""

"" ඇති ආන්ටි ඇති.. මම දන්නවා ඔයාට ඕන ඔයාගෙ පුතා දුක් විදින් නැතුව සතුටින් ඉන්නව බලන්න කියල..ඒත් අම්මෙක් වෙච්ච මම මගේ දරුවව නැති කරල සතුටින් ඉන්නෙ කොහොමද.. මගේ දරුවට තාත්තල ඕන නෑ ආන්ටි.. මම තමයි මගේ දරුවට අම්මයි තාත්තයි වෙන්නෙ..මට පුලුවන් මගේ දරුවා හදා ගන්න..""

"" ඒත් පුතේ..""

"" මට තව මුකුත් මේ ගැන කතා කරන්න දෙයක් නෑ ආන්ටි.. ප්ලීස් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..""

මම අහක බලාගෙන එහෙම කියද්දි.. ආන්ටි දුකෙන් මන් දිහා බලන් ඉදල එතනින් යන්න ගියා..

මගෙ දරු පැටියගෙ තාත්තගෙ මූණ මන් එදා රෑ දැක්කත්...ඒ කවුද කින්ද මන්ද කියල මන් දන්නෙ නෑ.. ඒ දෙවල් මට දැන ගන්න ඕන උනෙත් නෑ..එදා රෑ ඌ  එක්ක මම ලිංගිකව එකතු උන හන්දා.. මන් ගොඩක් මානසිකව විදෙව්වා මේ සතිය පුරාවට..මම හිත් වේදනාවෙන් තැවුනත් ඒ කිසි දෙයක් හැබැයි මන් එලියට පෙන්නුවෙ නෑ..

DEAR PAIN ( ZHANYI VERSION ) ✔Where stories live. Discover now