🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷රෑ මොනාද උනේ කියලවත් කිසි මතකයක් තිබ්බෙ නැති මම ඇදෙන් බැහැල රූම් එකෙන් එලියට ආවෙ සීනුත් පේන්න නොහිටිය නිසා..
දොරකොඩ ෆෝන් එක කනේ ගහන් කා එක්ක හරි කෝල් එහෙක ඉන්න සීන් දිහා බලපු මම සෝෆා එකේ තවමත් ගොරව ගොරව නිදාගෙන ඉන්න චෙන් දිහත් බලල ගියෙ කිචන් එකට..
අපි තුන් දෙනාට කොෆී හදාගෙන සාලෙට ඇවිත් සීන්ව බලද්දි එයා හිටපු තැන නෑ... චෙන්ට දෙකක් දීල නැගිට්ටවලද කොහෙද සෝෆා එකේ ඉදගෙන ඇස් වහන් හිටියෙ නිදි කිර කිර..
"" ගුඩ්මෝනින් ""
"" ආහ්...ගුඩ්මෝනින් ""
මම කන ලගට ගිහින් ගුඩ්මෝනින් කියද්දි චෙන් ගැස්සිලා මන් දිහා බලල ගුඩ්මෝනින් කිව්වෙ.. ඊයෙ රෑ මොනා උනාද මන්ද මගෙ ඔලුවත් කකියද්දි.. සෝෆා එකේ ඉදගෙනම කොෆී එක බොන්න ගත්තා..
"" දැන් කොහොමද යීබෝ..""
එලියෙ ඉදන් දොර ලගට ආපු සීන් මගෙන් කොහොමද අහද්දි මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් හිටියෙ .. ඇයි යකෝ කොහොමද කියල අහන්නෙ මම මැරෙන්න වැටිලද හිටියෙ ඊයෙ රෑ...
"'" ඔලුව ටිකක් රිදෙනවා.. ඇයි එහෙම ඇහුවෙ..""
"" මුකුත්ම මතක නැද්ද..""
එයා මගෙන් එහෙම ඇහුවෙ අමුතු හිනාවක් දාගෙන...මම චෙන්ගෙ මූණ දිහාත් බලද්දි.. ඌත් මහ අසික්කිත හිනාවක් දාන් බිම බලන් හිටියා..
"" ඇයි මොකද්ද උනේ.""
"" මතක නැත්තම් කොච්චර හොදද..""
එයා ගනන් නොගෙන මන් ලගින්ම ඉදගෙන කොෆි එක බොන්න ගද්දි.. මම එයා දිහා ඇස් හීනි කරගෙන බලන් හිටියෙ..
උබ ඊයෙ හොද සිහියෙන් නෙමෙයිද යීබෝ හිටියෙ.. ඇයි කිසිම දෙයක් මතක නැත්තෙ.. උත්සහ කරපන් යීබෝ මතක් කරල බලහන් මොනාද උබ ඊයෙ කරේ කියල..
මම ඇස් පියාගෙන ටිකක් කල්පනා කරන්න ගත්තා.. මම ඔය කියන විදිහට අලුගුත්තේරු වැඩක් කරාද කියල හිතන්න ගත්තා..
දෙයියනේ දෙයියනේ උබ අන්තිමට සීන් ලගට ගියා.. ඊට පස්සෙ වැටෙන්නම බිව්වනේ.. යකෝ උබ සීන්ට අතවරවත් කරන්න ගියාද.. එහෙමත් නැත්තම් උබට ආයෙත් එයා නෑ නෑ එහෙම වෙන්නෙ කොහොමද.. ඇත්තටම උනාද.. අනෙ අම්මේ........
YOU ARE READING
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔