🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷මගේ කුසට දැන් මාස අටක් වෙනවා..මගේ කකුල් ඉදිමිලා බෙර ගෙඩි වගේ.. අමාරුවෙන් මම ගේ ඇතුලේ එහෙට මෙහෙට යද්දි.. ආන්ටි මන් දිහා බලන් ඉන්නෙ වේදනාවෙන්.. රෑට එක පැත්තකටවත් නිදා ගන්න බැරුව මම දුක් විදිද්දි.. මාව අමාරුවෙ දාපු සීන් සැපට නිදාගෙන ඉන්නව ඇති කියල හිතෙද්දි මට පුදුමාකාර තරහක් ආවේ..
කේන්ති අරන් ලේ කෝප කර ගන්න හොද නැති හින්දා...මම උඩට හුස්ම අරන් එලියට හුස්ම පිට කරන ගමන් ගේ මැද්දෙ ඇවිද්දා..
"" දරුවො දැන් ඔය ඇවිද්ද මැදෑ... මෙන්න මෙතනින් ඇවිත් ඉද ගන්න..""
ආන්ටි මට එහෙම කියල tv එකේ චැනල් මාරු කරා.. මටත් වඩා ලොකු බඩත් උස්සගෙන මම සෝෆා එකෙන් ඉද ගත්ත ගමන්.. ගෙදර ගේට් එක ලග බෙල් එක ගහන සද්දෙ ආවා..
"" ඔහොම ඉන්න මම බලන්නම්..""
ආන්ටි සෝෆා එකෙන් නැගිටල එලියට ගියා.. ගේට් එක ඇරපු ගමන් පිරිමි හතර දෙනෙක් ආන්ටිවත් තල්ලු කරන් ගේ ඇතුලට ආවා.. එක පාරටම වෙච්ච දේත් එක්ක මම ඉන්න තැනින් නැගිටල ගල් ගැහිල වගේ බලන් හිටියෙ උන් ටික දිහා..
"" කවුද තමුසෙල..""
ආන්ටි ඒ මිනිස්සු පස්සෙ දුවන් එන ගමන් එහෙම අහද්දි.. උන්ගෙන් එකෙක් ආන්ටිට පිස්ටල් එක අතට අරන් පෙන්නුවම.. ආන්ටි බය වෙලා මන් ලගට දුවල ඇවිත් මාව බදාගෙන හිටියා..
"" මගේ පුතාට කරදර කරන්න එපා.. වදින්නම් කරුණාකරල මෙතනින් ඔයාල යන්න..""
ආන්ටි අත් දෙකත් එකතු කරල වැදල කියද්දි.. මාත් ඇස් වල කදුළු පුරවන් උන් දිහා බලන් හිටියා.. උන් ටික මූණට මූණ බලන් මන් ලගට දෙන්නෙක් එන්න අඩි ඉස්සර කරා..
"" කවුද ඔහේල...මගෙන් මොනාද ඕන..""
ආන්ටිගෙ අතේ එල්ලිල උන්ට සද්දෙන් මම කතා කරද්දි.. මන් ලගට ආපු දෙන්න කට කොනින් හිනා වෙලා ආන්ටිව මන් ලගින් ඇදල සෝෆා එකට තල්ලු කරල මගේ අතින් උන් දෙන්න අල්ලන් එලියට ඇදන් ආවා...
"" අනේ මගේ පුතේ...""
ආන්ටි කෑ ගහන් එලියට දුවන් එන්න හදද්දි.. අනිත් උන් දෙන්න ආන්ටිට යන්න නොදී අල්ල ගත්තා.. මමත් කෑ ගගහ අඬන්න ගත්තෙ මගෙ දරුවට කරදරයක් වෙයි කියල බයට..
VOCÊ ESTÁ LENDO
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanficඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔