🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷අලි ගල් පොත්තක් උඩ නිදාගෙන හිටපු මම.. අදුර වැටීගෙන එන වළාකුලු දිහා බැලුවෙ ඇස් පොඩි කරගෙන.. මගෙ මුලු ගතම සීතල වෙලා ගියෙ ඇදන් හිටපු නයිට් ඩ්‍රෙස් එක ලේ වලින් නැහැවිලා තියෙනවා අහම්බෙන් දකිද්දි.."" මේ කාගෙද ලේ.."" මම මගේ බඩ වගේම මුලු ඇගම අත ගාල බැලුවෙ මට ඩැමේජ් එකක් වෙලා කියල හිතල..
ඒත් මගේ ඇගට හිරීමක්වත් වෙලා නෑ.. මගෙ ඇස් පිස්සුවෙන් වගේ වට පිටාවට ගියෙ ඊට පස්සෙ.. හිත කෑලි කෑලි වලට සුණු විසුනු වෙලා ගියෙ බිම වැටිල ලේ වලින් නැහැවිලා ඉන්න සීන්ව දැකල..
"" අනේ සීන්.......""
මම බිම වැටි වැටි එයා ලගට ගිහින් කිසි හැල හොල්මනක් නැති එයාගෙ ඔලුව අරන් මගේ උකුල උඩින් තියා ගත්තෙ ඉකි ගගහා අඬ අඬ..
"" මොකද්ද උනේ රත්තරනේ.. සීන් අනේ ඇස් අරින්න..""
මම එයාගෙ කොපුලකට ගගහා කතා කරත් එයා ඇස් අරිනවා තියා හුස්ම ගන්නෙවත් නෑ..
"" ඌ අපායට ගිහින් ඉවරයි..""
මන් ලගට ඇවිත් හිට ගත්ත කෙනා කවුද බලන්න මම අලුව උස්සද්දි ඒ හිටියෙ "" නිනා.."" මම කදුළු අතරින් ඌ දිහා මරන් කන්න වගේ බලන් ඉද්දි.. ඌ කරේ කට කොනින් හිනා උන එක..
"" උබ තිරිසන් බල්ලා.. මගේ සීන්ට කොහොමද එහෙම කරේ..""
"" පොඩි දෙයයි කරේ..ඩිශූම් ඩිශූම් ගාල මෙන්න මෙතනටම තිබ්බ..""
"" නෑ.......................""
ඌ පපුවට පිස්ටල් එක තියන් මෙතනට වෙඩි තිබ්බ කියද්දි.. මම සීන්ව බදාගෙන කෑ ගැහුවා.. මගෙ පපුව පැලිලා මැරෙයි දෙයියනේ..
"" දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි බබී..ඔයා හැමදාටම මගේ විතරයි..""
"" නෑ කවදාවත් මම උබේ වෙන් නෑ.. ""
මම ඌ දිහා බලල ගිරිය පුප්පගෙන කෑ ගහන්න ගත්තෙ කදුළු පාලනය කරන්..
"" එහෙම කොහොමද බබී.. උබ දැන් මගෙ විතරයි.. ""
මගෙ අතින් ඇදල ඌ ගත්තෙ මගේ උකුල උඩ තිබ්බ සීන්ගෙ ඔලුවත් බිම වදිද්දි.. "" සී...න්...."" මගෙ හිත කිව්වත් කටින් එයාගෙ නම පිට නොවුනේ.. දැන් මගේ සීන් ආයෙ කවදාවත් එන් නෑ කියල මගෙ හිත හොදටම දන්න නිසා..
ESTÁS LEYENDO
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanficඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔