✨ CHAPTER 13 ✨

440 81 9
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

රෑ නිදි නැතුවම මම කල්පනා කරේ යීබෝට අත උස්සපු එක ගැන.. මම සිහියක් නැතුව ඉද්දි යීබෝට කරදර කරල එයාගෙ ජීවිතේ විනාස කරා.. එතනින් පස්සෙ මන් ගැන වෛරයක් ඇති කර ගත්ත එයා.. මට එයාව අල්ලන්නවත් ඉඩක් දුන් නෑ.. අඩු තරමෙ එයා මගෙ මූණ බලන්නවත් කැමති නෑ.. එහෙම කෙනාට ගහපු එක වැරදි.. ඒත් එයා මගෙ දරුවා ලෙඩ වෙලා ඉද්දි කොහෙවත් යන උන්ගෙ පාටි වලට ගිය එකත් වැරදිනෙ..

ඇදේ හාන්සි වෙලා හිටියත් නින්දක් මට අහලකවත් තිබ්බෙ නෑ.. කොච්චර වෙලාවක් මම යීබෝ ගැනයි දරුව ගැනයි හිතුවද දන් නෑ.. අන්තිමේදි දන්නෙම නැතුව මට නින්ද ගිහින් කියල දැන ගත්තෙ ඉර එළිය රූම් එකට වැටුන හන්දා..

"" අයියෙ අද අරහෙ.."" යැන්ග් ආවෙ රූම් එකට දොරත් ඇරන් ඇතුලට මොනාද කියාගෙන..

"" අද වෙන කිසි ගමනක් දා ගන්න බෑ මට.. හැම එකක්ම කෑන්සල් කරන්න..""

යැන්ග් කියන්න ගිය දේට මම බාදා කරල.. ඇදෙන් බැහැල බාතෲම් එකේ දොර ඇරන්ම මූණ හෝද ගත්තෙ සින්ක් එකෙන්..


"" අයියට වෙන කොහෙ හරි යන්න තියෙනවද අද..""

"" අද දවස යීබෝයි දරුවයි වෙනුවෙන් වෙන් කරන්න හිතුවා..""

"" ආහ් ඒක නම් හොදයි අයියෙ.. ඒත් එයා කැමති වෙයිද..""

"" අකමැති උනොත්.. බලෙන් හරි අරන් යනවා..""

"" ඔය ඉතින් අයියෙ ඕකනෙ බැරි.. පරන දේවල් මතක් කරන වැඩ නම් කරන්න එපා..""

"" හරි හරි එහෙම මුකුත් කරන් නෑ මම..""

"" අයිය තනියමද යන්නෙ..""

"" හ්ම් උබයි චෙනායි ඈතින් ඉදල අපිට ගාඩ් එක දියන්.. යීබෝට තේරෙන්න නම් බෑ උබල ඉන්නවා කියල හරිද..""

"" හරි අයියේ.. මම චෙන්ව එක්කරගෙන එන්නම් එහෙනම්..""

මම ටවල් එකෙන් මූණ පිහිද ගෙන යැන්ග් රූම් එකෙන් ගියාම දොරත් වහල දාල ඉක්මනට ඇදුමක් දාගෙන පල්ලෙහාට ඇවිත් කාර් එක අරන් ෆුල් ආතල් එකේ සිංදුවක් දාගෙන ගියෙ.. යීබෝගෙ ගේ ලගින් වාහනේ නවත්තල බෙල් එක ගහන්නත් කලින්ම ආන්ටි ගේට් එක ඇරියා..

DEAR PAIN ( ZHANYI VERSION ) ✔Where stories live. Discover now