🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷"" හොදින් ඉන්නවද මල්ලි..""
"" ඔව් ඔයාල හැමෝමත් හොදින් නේද..""
"" අපි හොදින් වෙන්නෙ කොහොමද මල්ලි.. පොඩ්ඩගෙ කටහඬ අහන්න නැතුව සාංකාව වගේ හැමෝටම..""
"" සමාවෙන්න අයියෙ..""
"" හ්ම්.. ඔයාලව එක්කන් එන්න කිව්ව ලොකු අයිය..""
මෙච්චර වෙලා බිම බලන් උත්තර දුන්න මම චෙන්ගෙ අන්තිම වචන ටිකට හිත ගැස්සුනා..
"" මොකද්ද..""
"" දරුවත් අරන් එන්න මල්ලි අපි ගෙදර යමු..""
"" අනේ අයියෙ මෙන්න වැන්ද.. මට ආයෙත් එන්න ඕන නැහැ සීන්ගෙ ඇස් ඉස්සරහට.. මම හැමදේම අතෑරල ආවෙ ආයෙත් යන්න නෙවෙයි.. ඉතින් අයියෙ ඔයා මහන්සි වෙන්න එපා අපිව අරගෙන යන්න.. දැන් ඔයා ගෙදර යන්න.. මට මේ ගැන කතා කරන්න ඕන නෑ අයියෙ.. ඒක හින්ද ප්ලීස් ඔයාල උනත් ආයෙ එන්න එපා මෙහෙ..""
"" මල්..ලි..""
මම එක මොහොතක් එතන ඉන් නැතුව ගෙට ආවා.. මට ඕන නෑ ආයෙත් මගේ හිත රිද්ද ගන්න.. සීන් මට රිද්දුවා හොදටම ඇති.. කායික වගේම මානසිකවත් මට හින්සා විතරමයි ඒ මනුස්සය කරේ..
මම කේන්තියෙන් එළවළු කපන එක ආච්චි අම්ම දැක්ක උනත් මගෙන් මුකුත් නාහා සාලෙට ගියා..
චෙන් දන්නවා කියන්නෙ මම ඉන්න තැන අනිවාරෙන් සීනුත් දන්නවා.. මම නිසා මේ ගෙදර වයසක මනුස්සයටත් ප්රශ්න වෙයිද මන්ද.. අන්තිමට මගෙ හිතට වද දෙන්න ගත්තෙ මම නිසා මේ මනුස්සයටත් කරදර වෙයි කියන බය දැනුන හන්දා..
***********************************
දැන් දවස් දෙකක් තිස්සෙ සොන්ග් ඉන්නෙ මෙහෙ.. එයා මොනාම හරි මට කියන්න උත්සහ කරත් මම ඒ හැම වෙලාවකම මග ඇරල හිටිය.. මගෙ හිත කිව්වෙම සොන්ග් ගෙන් ඈත් වෙලා ඉන්න කියල..
"" මේ හරියෙ නාන්න තැනක් නැද්ද අත්තම්මෙ..""
පාපිස්සක් මමහ ගෙයි දොර කොඩ හිටපු ආච්චි අම්මගෙන් එහෙම ඇහුවෙ සොන්ග් tv එක බලන ගමන්..
"" තියෙනවා උඩහ දොළ පාරක් යනවා..""
"" මරුනෙ එහෙනම් දැන් මම එහෙ යන්නද..""
YOU ARE READING
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔