🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷වාහනේ යන්නෙ පාලු පාරක.. මනුස්සයෙක් තියා බලු බල්ලෙක්වත් පේන්න නැති..මම වීදුරුවට ඔලුව තියාගෙන පාර දිහා බලන් හිටියා.. අඬල අඬල පන නැතුව හිටිය මම.. දරුව ගැනවත් බැලුවෙ නෑ.. දරුවට සීන්ගෙ අත උඩම නින්ද ගිහින් තිබ්බා..
අපි මේ කොහෙද යන්නෙ කියලවත් මම දන්නෙ නෑ.. මොකද මම හිටියෙ ඒ දේවල් අහන්නවත් හිතන්නවත් පුලුවන් තත්වෙක නෙවේ.. මට ආන්ටි ලේ පෙරාගෙන වැටිල හිටිය විදිහ මතක් වෙන හැම වෙලේම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.. මොකද තාත්තා, අම්ම නැති කාලෙ ඉදන් ආන්ටි මාව අතක් පයක් නොකඩ හැදුවා.. කිසිම අඩු පාඩුවක් කරේ නෑ..එයාගෙ අන්තිම හුස්ම දක්වාත් එයා කරේ මාව රැකපු එක.. ඉතින් මගෙ ආන්ටි ආයෙත් එන් නෑ.. මට අදින් පස්සෙ ආන්ටි කියල කතා කරන්න කෙනෙක් නෑ.. මගේ දුක මට විතරක් තනියම දරා ගන්න වෙලා. මොකද නැති උනේ මගෙ ආන්ටි නිසා.
හිම වැටෙනවා.. නත්තලට තව දවස් තුනයි.. ඒත් දෙවියො මගෙ ආන්ටිව නත්තලට කලින් ගත්තා.. ඉතින් මෙදා පාර නත්තලක් නෑ..ආන්ටි නැති නත්තලක් මට ඕන නෑ.. මට කේන්ති දුකයි.. ඔක්කොම මරාගෙන මටත් මැරෙන්න හිතෙනවා.. නැත්තම් මේ වාහනෙන් එලියට පයින්න හිතෙනවා..
ඒත් මම ඉවසන්නෙ එක හේතුවක් නිසා.. මගෙ දරුවට ඉන්නෙ මන් විතරයි.. එයාට තවම කිසි දෙයක් තේරෙන් නෑ.. කිරි සප්පයා කාලෙ අම්ම නැති උනොත්.. එයාටත් වෙන්නෙ මට වෙච්ච දේ මයි.. මම හුස්ම අල්ලන් ඉන්න ඕන මගෙ දරුවව රැක ගන්න නම්..
මගෙ ඇස් අගින් කදුළක් වැටෙද්දි.. මම පිට අල්ලෙන් පිහිදගෙන.. මගෙ පොඩි එකාගෙ නලල සිප ගත්තෙ.. එයත් මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි.. මෙච්චර වෙලා කිසිම සිහි කල්පනාවක් නොතිබ්බ මගෙ එක පාරට ඇති උන වෙනසට එයාටත් පුදුම හිතෙන්න ඇති..
හැබැයි සීන් තමුසෙත් හොද වෙන්න හැදුවට මගෙ ඉස්සරහ.. ඔයත් කරේ මට අපරාදයක් තමයි.. හොදට හිටපු අපේ පවුලට හෙන හුරා වගේ ඇවිත්.. මගෙ ජීවිතේත් විනාස කරල මගෙ ආන්ටිවත් උදුර ගත්තා..
මම එයා දිහා බලන් ඉද්දි ඇස් පිය නොගහා.. දරුවගෙ මූණ දිහා බලන් හිටපු එයා.. මම බලන් ඉන්නවා කියල දැනිලද කොහෙද මන් දිහා බැලුවා..
JE LEEST
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fanfictieඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔