පාසල් වෙලාව අවසන් වෙලා ගේට්ටුව ඉස්සරහට වෙලා මමත්, හරුතොත්, ඉසොමිත් ඒ වගේම මිචිකොත් බලාගෙන හිටියෙ මගේ නංගි කොනොන් එළියට එනකම්..
මගෙ එක අතක මගේ ජංගම දුරකථනය තිබුණා..අයාකාට අැමතුමක් අරගෙන බලන්න තරම් මට වුවමනාවක් හෝ තැකීමක් තිබුණෙ නෑ..
නමුත් පුංචි කාලෙ ඉඳන් අයාකාගෙ යාළුවා වුණ මට වඩා පාසලේ කනිෂ්ට ශ්‍රේණිවලදි අයාකාගෙ යාළුවො වුණු ඉසොමිටත් හරුතොටත් වුවමනා වුණා අයාකා ගැන හොයා බලන්න..ඒ වගේම අයාකා අකැමැත්තෙන් ඉන්න මිචිකොත් හිටියෙ අයාකා හොඳින්ද කියලා දැනගන්න..
"රිකී-සන්..අයාකා-සන් ඔයාගෙ යාළුවානෙ..ඔයා දන්නෙ නැද්ද අයාකා-සන් ට මොකද වුණේ කියලා?" මිචිකො අහද්දි මම නිරුත්තර වුණා..
අයාකා මගේ පුංචි කාලෙ ඉඳන්ම යාළුවා බව ඇත්ත..මීට මාස කිහිපයකට කලින් වෙනකම්ම අයාකා මට ගොඩක්ම සමීප මිතුරිය වුණා..
ඒ මිතුරුකම ඈතට යන්න පටන් ගත්තෙ අයාකාගෙ හිතේ මං ගැන යාළුකමට එහා හැඟීම් අැති බව එයා මට කියපු වෙලාවෙදිත්..ඒ හැඟීම් නිසා අපේ යාළුකමත් නැති වෙන්න පුළුවන් කියලා මං එයාට පැහැදිලි කරලා තියෙද්දි ඒ ගැන නොතකා තව තවත් මට කරදර කරද්දිත් බව හරුතොත් ඉසොමිත් විතරයි දැනගෙන හිටියෙ.."ගිය දවස් ටිකේම මම අන්තර් පාසල් චිත්‍ර තරඟයට සූදානම් වෙන ගමන් හිටියෙ මිචිකො-සන්..පන්තියට නොගියම තරම් නිසා මට අයාකාව මුණ නොගැසෙන්න අැති කියලයි මම හිතුවෙ.." මම කිව්වෙ මට වෙන හේතුවක් මතක් නොවුණ නිසා..
ඉසොමිත් හරුතොත් මූණට මූණ බලාගත්තෙ අයාකාව මම මග අරිනවා නම් ඒ හිතලම බව ඒ අය දන්න නිසා..
ඒ එක්කම වගේ වතුර බෝතලෙත් කරකවන ගමන් කොනොන් උඩ පැන පැන පාසල් ගේට්ටුව දිහාට ඇවිදගෙන එන විදිහ මම දැක්කා..
"ඔහ්..අයියා..ඇයි ඔයා මෙතන?"මාව දැක්ක ගමන් කොනොන් අැහුවෙ වෙනදට මම එයා එනකම් බලා නොඉන්න නිසා..
"අයාකා කොහෙද ගියෙ කියලා දන්නවද?"
"අයාකා අක්කා..එයා යුරෝප සංචාරයකට ගියානෙ.."කොනොන් කිව්වෙ ගානකට නොගෙන..
එතකොටයි ඉසොමි සැනසුම් සුසුමක් හෙලුවෙ..
"ඒත් අයාකා යුරෝප සංචාරයකට යනවා නම් මට කියන්න තිබුණානෙ.."ඉසොමි කිව්වෙ දුකෙන්..
නමුත් මම හිටියෙ තරහින්..අයාකා මේ වගේ දේවල් කරන්නෙ අවධානය එයා පැත්තට හරවගන්න බව මම දැනගෙන හිටියා..බොරු කාලෙ නාස්තියක්..
"අයාකා-සන් හොඳින් ඉන්නව කියලා අපි දැන් දන්නවනේ ඉසොමි-සන්..ඒත් පාසල් වාරය මැදදි මෙහෙම නිවාඩුවකට යන එක එයාට පාඩුවක් වෙයි.."මිචිකො කිව්වෙ කල්පනාකාරීව..
"අයාකාට පොතේ ලියවෙන පාඩමට වඩා මිලට ගන්න සුවඳ විලවුන් වටිනවා.."මං නෝක්කාඩුවට කිව්වත් අනිත් අය ඒ ගැන සතුටු මූණක් පෙන්නුවෙ නැහැ..
"රිකී-සන්..ඔයා මගෙ යාළුවා ගැන ඔහොම කතා කරන එකට මම විරුද්ධයි.."ඉසොමි කියද්දි මම යන්තම් හිනාවෙලා ආපහු හැරුණෙ පාරෙ අයිනෙ නවත්තලා තිබුණ අපේ වාහනේට නගින්න..
"ඔයා නම් රාක්ෂයෙක් අයියා.."කියපු කොනොන් මාවත් පහුකරගෙන වේගෙන් ගිහින් වාහනෙන් වාඩි වුණේ මගේ පිටටත් එයාගෙ පොත් මල්ලෙන් පාරක් ගහගෙන..
වාහනෙන් ගිහින් මම වාඩිවුණේ ක්‍රෝධයත්..අසතුටත් පිරුණු හිතින්..ඒත් ඒ අතර අයාකා හොඳින් කියන සැනසීම අංශු මාත්‍රයක් වගේ තිබුණා..
_______________
To Be Continued
BẠN ĐANG ĐỌC
Miles Away | Niki Centric | Ongoing
Fanfiction"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•