ක්‍රීඩා කාලච්ඡේදය මුළු ශ්‍රේණියේම ළමයින්ට පොදු කාලච්ඡේදයක් වුණ නිසා අපේ පන්තියේ, අයාකාගෙ පන්තියේ සහ අනෙක් පන්ති දෙකේම ළමයි පිට්ටනියට එකතු වුණා..වට කිහිපයක් දුවලා හති අරින ගමන් මම තණ ගොල්ල උඩ වාඩිවුණා..
මිචිකො මගෙ අතින් වතුර බෝතලයක් තිබ්බෙ මගේ ලඟින් වාඩිවෙලා..
"මහන්සියි නේද රිකී-සන්?"මිචිකො ඇහුවෙ හිනාමුසු මුහුණෙන්..
"ඇත්තෙන්ම ඔව් මිචිකො-සන්..ඔයා දුවන එකෙන් බේරිලා හිටියොත් ගොඩක් හොඳයි.."මම කිව්වා..
"ඒත් ඒක හොඳ නෑනෙ රිකී-සන්.."
වතුර බෝතලයම උගුර දිගේ පහළට ගලාගෙන ගියෙ මගෙ ඇඟේ තිබුණ දාහය මදක් නිවා දාන ගමන්..
ඒ අතරෙ මම වටේට ඇස් යවද්දියි දැක්කෙ පිට්ටනියට බහින පඩිපෙල උඩ ක්‍රීඩා ඇඳුම්වලට මාරු වෙන්නෙවත් නැතුව වාඩිවෙලා ඉන්න අයාකා ව..
කකුල් පිට කකුලක් දාගෙන ඉන්න අයාකාගෙ ඉරියව්වෙ මහා ගාම්භීර බවකුත් අැස්වල අහුවෙන කෙනෙක් කැපිලා යන තරම් තියුණු බවකුත් මම දැක්කා.."ඉසොමි.."මම මගේ ලඟින් හිටිගෙන හිටි ඉසොමිට කතා කළා..
"කියන්න රිකී.."
"අයාකා ඇයි පිට්ටනියට එන්නෙ නැත්තෙ?"
"ඔහ්..අයාකාට ගෑනු ළමයින්ගෙ ප්‍රශ්නයක් රිකී.."ඉසොමි කිව්වෙ හිනාවෙන ගමන්..
නමුත් අයාකාගෙ මූණෙ අපහසුවක් හෝ වේදනාවක් නොතිබ්බ බව මට පෙනුනා.."හරි..ඊළඟ අංක ටික දුවන්න ලෑස්ති වෙන්න.."ක්‍රීඩා ගුරුතුමා කියද්දි මිචිකො නැගිටලා ආරම්භක ස්ථානයට ගියා..මම එයා එක්ක පුංචියට හිනා වුණේ මිචිකොව දිරිමත් කරන්න..
ගුරුතුමාගෙ සංඥාවත් එක්ක මිචිකොත් එයා එක්ක හිටිය අනිත් ළමයි ටිකත් වේගෙන් දුවන්න පටන් ගත්තා..
"දුවන්න මිචිකො..හයියෙන්..."මම කෑ ගැහුවා..
වට කීපයක් වේගෙන් දුවපු මිචිකො හදිසියෙන්ම පිට්ටනියෙ අතරමැද්දෙ වැටුණේ කකුලත් අල්ලගන්න ගමන්..
"මිචිකො.."වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා මම පුළුවන් වේගෙන් දිව්වෙ මිචිකො හිටිය තැනට..
එක අතකින් කකුලේ වළලුකරත් අල්ලගෙන මිචිකො හිටියෙ වේදනාවෙන් අැඹරුණු මූණෙන්..ඒ අැස්වල කඳුළු බිඳු කීපයකුත් මතුවෙලා තිබුණා..
"මිචිකො..අමාරුද ඔයාට?"ක්‍රීඩා ගුරුතුමා අැහුවෙ මිචිකොගෙ කකුල පරීක්ෂා කරලා බලලා..මිචිකො ඔළුව ඉහළ පහළ වැනුවා..
"රිකී..මිචිකොව හෙද කාමරයට අරගෙන යන්න පුළුවන්ද?"ගුරුතුමා මගෙන් ඇහුවා..
"පුළුවන්..මම මිචිකොව එක්කගෙන යන්නම්.."කියලා මම මිචිකොගෙ අතින් අල්ලගෙන මිචිකෝව නැගිට්ටෙව්වා විතරයි..
එකපාරින්ම සීතල වතුරවලින් මිචිකෝව නෑවිලා ගියෙ ඒ වතුරින් කොටසක් මගෙ අැඟටත් වැදෙද්දි...
_______________
To Be Continued
VOUS LISEZ
Miles Away | Niki Centric | Ongoing
Fanfiction"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•