"රිකී-සන්..මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ.."මිචිකො කිව්වෙ මං දිහා බලලා.."ඔයාගෙ හිතේ මං ගැන කැමැත්තක් තියෙන බව මම නොදැන හිටියත්..මං හිතන්නෙ නොදැනුවත්වම මම එ්කට අනුබල දෙන විදිහට හැසිරුනා.."මිචිකො වරදකාරී ස්වරය ගැබ් වුණ හඬකින් කිව්වා..
මම වචනයක්වත් නොකියා මිචිකොට කතා කරන්න ඉඩ දුන්නා..ඒ එයා කියන්න යන දේ ගැන ඉඟියක් ඇතිව..
"මට තිබුණා ඔයාව තේරුම් ගන්න රිකී-සන්..එහෙනම් මම ඔයාගෙ හැඟීම් රස්තියාදු නොකර කලින්ම ඔයාට මේ ගැන කියනවා.."
මිචිකො මගේ මැණික් කටුවෙන් මෘදුව අල්ලගත්තා..
"ඔයා මට හොඳම මිතුරෙක් රිකී-සන්..මේ පාසලට අාපු දවසෙ ඉඳන්ම මට කිසිම මිතුරෙක් හිටියෙ නෑ..ඔයා තමයි මගේ මුල්ම මිතුරා වුණේ..ඒත්..ඔයා එතනින් එහා හැඟීමක ඉන්නවා අැති කියලා මං හිතුවෙ නෑ..සමාවෙන්න.."මිචිකො සිය වෙනි වතාවටද මන්දා සමාව ඉල්ලුවා..
"ඔයා සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ මිචිකො-සන්..මමයි සීමා පැනලා ඔයාව අපහසුවට පත් කළේ හැමෝම ඉස්සරහා.."මං කිව්වා..
"ඒත් මම ඔයාට කලින්ම මේ ගැන කිව්වා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ..ඇත්තෙන්ම..මට පෙම්වතෙක් ඉන්නවා රිකී-සන්.."මිචිකො කිව්වෙ බිම බලාගෙන කදුළු පිරුණු ඇස්වලින්..
මේ වෙනතුරු මිචිකො දීපු ඉඟි වලින් මට මේ බව තේරුම් ගන්න පුළුවන් වුණා..
"හොඳයි..ඒක බලාපොරොත්තු නොවුණ දෙයක් මිචිකො-සන්..නමුත් කොහොමවුණත්..මට සතුටුයි ඔයා ගැන.."මම අවංකවම කිව්වෙ හිනාවෙන ගමන්..ඒකෙන් මිචිකොට සහනදායී බවක් ලැබෙයි කියලා මට හිතුණා..
"ඔයාට ස්තූතියි රිකී-සන්.."මිචිකො කඳුළු පිහිදාගෙන හිනාවුණා..
ඉන් පස්සෙ අපි අතරෙ තිබුනෙ කෙටි..නැහැ..දිගු නිහඬතාවයක්..
අලුත් මාතෘකාවක් පටන් ගන්න මට මගක් පෙනුනෙ නෑ..මිචිකොටත් එහෙමම වෙන්න අැති.."වතාවක් මමත් ඒකපාර්ශ්වික ආදරේක හිටියා රිකී-සන්.."නිහඬතාවය බින්දෙ මිචිකො..
මම එයාට සවන් දුන්නා.."ඒක නිසා මම ඇඬුවා..විඳෙව්වා..තනිවුණා..රිදවගත්තා..මේ හැම දේම වුණා..
එ්ත්..
ඊට පස්සෙ මම මට ආදරේ කරන කෙනාට ආදරේ කළා..ඒක බොහොම සුවදායකයි රිකී-සන්..අපි හිනාවෙනවා..දුක සැප බෙදාගන්නවා..ටික කාලෙකට ඈත් වෙලා හිටියත් එකිනෙකා ගැන හොයා බලනවා..වැදගත්ම දේ..හැම වෙලාවෙම අපි අපිවම විශ්වාස කරනවා..එතනයි සතුටුදායකම බැදීම තියෙන්නෙ.."මිචිකො කිව්වෙ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන.."ඔයාවත් අයාකා-සන් ව තේරුම් ගන්න මට පුළුවන්..මොකද වතාවක් මමත් එහෙම වුණ නිසා..අයකා-සන්..එයා ඔයාට ඇත්තටම ගොඩක් ආදරෙයි රිකී-සන්..ඒකයි එයාට එච්චරම කේන්ති ගියෙත්.."
අපේ කතාවට බාධා වුණේ හෙදිය ඒ වෙලාවෙදි ආපු නිසා..මම හෙදතුමියට ආචාර කරලා හෙද කාමරෙයන් එළියට යන්නයි හැදුවෙ..නමුත් හෙදිය බෙහෙත් පෙට්ටිය ගේන්න ඇතුළට ගිය වෙලාවෙදි මිචිකො මාව මොහාතකට නතර කරගත්තා..
"රිකී-සන්..ඔයාට ආදරේ කරන කෙනාට ආදරේ කරලා බලන්න..ඔයා ආදරේ විඳීවි..විඳවන්නෙ නැතුව.."මිචිකො අහිංසක විදිහට කිව්වා..
මම හිනාවෙලා මිචිකොගෙ ඔළුව අතාගාලා හෙද කාමරෙන් එළියට ආවෙ මිචිකොගෙ වචනත් වතාවක් කොනොන් කියපු දේත් මතක් කරන ගමන්..
_______________
To Be Continued
YOU ARE READING
Miles Away | Niki Centric | Ongoing
Fanfiction"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•