"ස්තූතියි නිකී..අද දවස ගොඩක් ලස්සනයි..ස්තූතියි මාත් එක්ක යන්න අාවට.."අයාකා කිව්වෙ සැණකෙළිය ඉවර වෙලා ගෙදර යන මගදි..සැනකෙළිය අවසන් වෙලා අයාකාව ගෙදර ගාවට එක්කගෙන යන්න මමත් එයා එක්ක ඇවිදින්න එකතු වුණා..
වැඩිය සෙනඟ නැති..වීදි පහන්වලින් ආලෝකමත් වුණ අතුරු මාවත දිගේ අපි ඇවිද්දා..
"ම්ම්..මං හිතන්නෙ..ඔයාට ස්තූතිවන්ත වෙන්න..මමත් අද දවස ගොඩක් විනෝද වුනා.."මං කිව්වා..
"වාහ්..ඇත්තටම..අහන්නත් සතුටුයි.."
අයාකා ඇවිද්දෙ පාරෙ තිබුණ ගල්කැටවලට පයින් ගහමින් විනෝද ලීලාවෙන් වුණත් එයාගෙ මුහුන වෙහෙසකර බවින් පිරිලා තිබුණ..
"ම්ම්..අයාකා..ඔයාට මහන්සියි වගේනෙ..ගෙදර ගිහින් හොඳට විවේක ගන්න.."
අයාකා පිලිතුරු විදිහට ලස්සනට හිනාවුණා..
"නිකී..දැන් ඔයා මාත් එක්ක තරහා නැද්ද?"අයාකා අැහුවා..
"කරපු වැරැද්දෙ බරපතලකම ඔයාට තේරෙනවද?"
"ඔව්..ඔයාලා ගියාට පස්සෙ එදා ගුරුතුමා මට තදින්ම අවවාද කළා..ඒ නැතත්..මං කරපු දේ වැරදි බව මට තේරෙනවා.."අයාකා කිව්වෙ අවංකවම බව මට වටහා ගන්න පුළුවන්වුණා..
"එහෙනම්..මං ඔයාට සමාව දෙනවා..පොරොන්දු වෙන්න ඒ වගේ දෙයක් ආයෙත් කරන්නෙ නෑ කියලා.."
"හොඳයි..මම පොරොන්දු වෙනවා..මං ඔයාට කොච්චර කැමති වුණත් ඔයාට ආයෙත් කරදර කරන්නෙ නෑ.."අයාකා කිව්වෙ මගෙ අතකින් තදින් අල්ලගෙන..
"පුංචි කාලෙ මේ පාරවල් දිගේ අපි කොච්චර දුවලා පැනලා සෙල්ලම් කරාද..නේද නිකී..?"නිහඬව ගෙවුණ මිනිත්තු කිහිපයකට පස්සෙ අයාකා අතීතය මතක් කරන්න එක මූලයක් මට දුන්නා..
ඉතින් ඒකම ඇතිවුණා අයාකාගෙ ගේ ගාවට එනතුරුම ඒ මතක අස්සෙ ගිලෙන්න..ඒ අතීතයේ හුරුබුහුටි දඟකාර කෙල්ලෙක් අල්ලන්න දුවන චූටි කොල්ලෙක් කැපී පේන්න හිටියා..
"මම ලොකු වුණාම ඔයා පොඩියිනෙ..එතකොට මං ඔයාව බලාගන්නම්කො..ඔයා කාටවත් බයවෙන්න ඕනෙ නෑ එතකොට.."o
ඒ මතකවල හිටිය කොලු පැංචා අර චූටි කෙල්ලට වතාවකදි කිව්වා..අයාකාගෙ සුවිසල් මන්දිරය ඉස්සරහදි අපි නැවතුණා..
ගේට්ටුවට අතක් තියාගෙන අයාකා මං දිහා බැලුවෙ ආපු පාර දිගේ පිටිපස්සට ගිහින් ආයෙත් ඇවිදගෙන එන්න ඕනෙ වගේ..ඒ මොහතෙම ඉන්න ඕනෙ වගේ.."නිකී..ආයෙමත් ස්තූතියි ඔයාට.."අයාකා කිව්වා..
"හොඳයි..ඔයාටත් ස්තූතියි අයාකා.."
මම අයාකා වෙනුවෙන් ගේට්ටුව විවෘත කළා..අයාකා ගේට්ටුවෙන් ඇතුළට ගියෙ නොගිහින් බැරිකමට බව ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණා..
"විවේක ගන්න..හෙට පාසලේදි හමුවෙමු.."මම කිව්වෙ ආයෙත් ගේට්ටුව වහලා දාලා..
යකඩ ගේට්ටුවෙ කූරු දෙකක් තදින් අල්ලගෙන ඒකට නළල හේත්තු කරගත්ත අයාකා ලොකු හුස්මක් හෙලුවා..
"නිකී..ස්තූතියි..හැමදේටම..."අයාකා මිමිනුවේ ඇහෙන නෑහෙන ගානට..
හිනාවෙලා ඔළුව නවපු මම ආයෙත් යන්න හැරුණා..පියවර කිහිපයක් ඉදිරියට තියන්න ඉඩ ලැබෙන්න අැති..අයාකාගෙ කටහඬ ආයෙත් මාව නැවැත්තුවා..
"නිකී.."මම පිටිපස්ස හැරුණා..
"මම ඔයාට කැමතියි.."සුන්දරව හිනාවුන අයාකා එහෙම කිව්වෙ අතවනන ගමන්..
පළවෙනිම පාරට..මම ඒකට සතුටු වුණා..
මමත් ඔයාට කැමතියි...
ගොඩක්...
කරුණාකරලා, වෙනස් වෙන්න එපා...
මගෙ පරණ අයාකාව මට ආයෙත් ඕනෙ..
ඒ පුංචි කෙල්ලව මට ආයෙත් දකින්න ඕනෙ..මෙච්චර අවුරුදු ගාණක් හිත යට තෙරපෙමින් තිබුණ සිතුවිලි සේරම ආයෙත් උඩට මතුවුනේ ඒ විදිහටයි..
අයාකාට අත වනපු මම මගේ ගෙදර තියෙන පැත්තට පියමැන්නෙ ඒ සිතුවිලි මගේ තනිමකමින් ඉන්නකොටයි..
_______________To Be Continued
![](https://img.wattpad.com/cover/363909470-288-k454482.jpg)
YOU ARE READING
Miles Away | Niki Centric | Ongoing
Fanfiction"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•