Part 1

132 19 9
                                    

"නිකී..."

උදේම ඇහෙන්න එපා කියලා හිතපු කටහඬක් මට පිටපස්සෙන් ඇහුණෙ ඉස්කෝලෙ කොරිඩෝව දිගේ පන්තියට යන අතරතුරේදියි..

මේ ආමන්ත්‍රණයෙන් පස්සෙ ඇහෙන ඊළඟ වචන ටික මොකක්ද කියන්නත් මම හොඳින්ම දන්නවා..මග හැරලා යන්න කකුල එසවුණත් ආයෙත් වතාවක් ඒ කටහඬ මාව අමතද්දි..

මම නැවතුණා..

"නිකී.."

නිකී කියලා කතා කරන්න මේ ඉස්කෝලෙ හිටියෙ එකම කෙනයි..අකැමැත්තෙන් වුණත් මම පිටිපස්සෙ හැරුණෙ කරේ රැඳුණු බෑග් එක හරියාකාරව රඳවගන්න ගමන්..

දණිස්සට ඉහළින් රැඳුණ කෙටි සාය..සායට අපිළිවෙලට යටකරපු ලා නිල් පාට නිල ඇඳුම..උදේම වුණත් තැනින් තැනින් ඇවිස්සුණු පෝනිටේල් එක..මේක්අප් තවරපු මූණ..එකපාරින් මේ හැමදේම මගෙ ඇස්වලට අහුවුණා..

"අයාකා?"මං එයාට කතා කළා..නොකර බැරිකමට..

කොණ්ඩෙන් පිටපැනපු දඟකාර කොහරැල්ලක් එයා කන පිටිපස්සෙන් රඳවගත්තා..

මේ හැසිරීම..අනිත් කොල්ලො හැමෝම පිස්සු වැටුණු..ඒත් මම ගොඩක්ම වෛර කරපු මේ හැසිරීම..

"නිකී.."

පියවර කීපයක්ම ඈතින් හිටිය එයාගෙ කටහඬ තියුණු වුණා..කොරිඩෝව පුරාම හිටිය ළමයි තම තමන්ගෙ කතාබහ නවත්තලා සුපුරුදු නාට්‍යය දිහා බලාගෙන හිටියා..

නෑ එපා අයාකා..එ්ක කියන්න එපා..

පුරුදු හිනාවෙන් මූණ පුරවගත්ත එයා මගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා..වෙනදා වගේම..

"නිකී, මං ඔයාට කැමතියි.." කිසිම සබකෝලයක් නැතුව හිනාවෙන්ම එයා ඒක කියලා දැම්මා..

"වෝ..."අනිත් ලමයි හැමෝගෙන්ම කටින් පිටවුණේ එකම ප්‍රතිචාරය..

හොඳයි..මේ මාසෙට දහ තුන්වෙනි වතාවටත් එයා ඒක කිව්වා..

_______________

To Be Continued

Miles Away | Niki Centric | OngoingOnde histórias criam vida. Descubra agora