Part 23

34 6 5
                                    

ගුරුතුමාගෙ වචන ඊයම් බරු සීයකට සමානව මගෙ හදවත ඇතුළට හාරලා ගිහින් තිබුණා..

ඒ කියපු කිසි දෙයක් මම විශ්වාස කළේ නෑ..නමුත් මොකක්ද කියලා වෙන් කරගන්න බැරි හැඟීමකින් මගෙ හිත පිරිලා තිබුණ බව මට තේරුණා...

"රිකී..මොකක්ද මේ වෙන්නෙ?"හරුතො මගෙන් ඇහුවා වුණත් මමම මගෙන් ඒ ප්‍රශ්නයම අහමින් හිටියෙ..

ඊළඟ තත්පරේදි මම පුටුවෙන් නැගිට්ටෙ අප්‍රාණික, ගැහෙන කකුල් දෙකෙන්..මගෙ ඇඟ පුරාම තීන්ත වලින් නෑවිලා ගිහින් තිබුණ බවවත් මම සැලකිල්ලට ගත්තෙ නැහැ..

ගුරුතුමා පන්තිය ඉදිරියෙ හිටියා වුණත් වචනයක්වත් නොකියා හිස නවලා මම පන්තියෙන් එළියට දිව්වා..නැවතුණේ අයාකාගෙ පන්තිය ඉස්සරහා..

"රිකී..ඉන්න.."හරුතො දුවගෙන ඇවිත් මගෙ වැලමිට අල්ලගත්තා..

ඒත් හරුතො කියන දේට අවධානය යොමු කරන්න තරම් හිතක් තිබුනෙ නෑ..

මම පුළුවන් වීරිය යොදලා අයාකාගෙ පන්තියෙ දොර විවෘත කළේ ඒ පන්තියෙ ගුරුවරයෙක් ඉන්නවද නැද්ද කියලාවත් හිතන්නෙ නැතුව..

වාසනාවට ඒ පන්තියෙ කිසිම ගුරුවරයෙක්වත් ළමයෙක්වත් හිටියෙ නැහැ..

නමුත්..

හිස්වුණ පන්තියෙ මුල්ලක ඉකිබිඳිමින් ඉසොමි විතරක් වාඩිවෙලා හිටියා..

"ඉ...ඉසොමි.."මම වචන අහුලගත්තෙ ගොතගහමින්..

"රිකී.."පොතක්වත් තියලා නැති අයාකාගෙ හිස්වුණ ආසනය මට දැකගන්න ලැබුණා..

"අයාකා...එයා කොහෙද?මට කියන්න ඉසොමි..මොකක්ද මේ වෙන්නෙ?"

ඒ අතරෙදි මම දැක්කෙ...ඉසොමිගෙ උකුල මත තිබුණ අත් අතරට ගුලි වෙලා තිබුණ පුංචි කඩදාසිය..

උත්තර නොදුන් ඉසොමි හිටියෙ දිගටම ඉකිබිඳිමින්..

"කියනවා..ඉසොමි...අයාකා කොහෙද?"මටත් නොදැනි මම ගුගරන්න ඇති..

මගෙ ඇතුලාන්තය මාව ගිනිබත් කරමින් හිටියෙ..

"අද උදේ...අපේ ගෙදර ලියුම් පෙට්ටිය බලනකම්ම..මමත්..දන්නෙ නෑ අයාකා ගිහින් කියලා.."ඉසොමි කිව්වෙ පොතක් අස්සෙ තිබුණ හතරට නවපු සුදු පාට කඩදාසියක් මගෙ අතින් තියන ගමන්..

මම ඒ කඩදාසිය අතට ගත්තෙ එකට වදින ඇඟිලි තුඩුවලින්..

"අයාකාට..පිළිකාවක් තිබුණා රිකී.."කියපු ඉසොමි තවත් හයියෙන් අඬන්න ගත්තා..හරුතො ඉසොමිගෙ පසෙකින් වාඩිවෙලා හිමින් එයාව වැලඳගත්තා..

ඉසොමිගෙ වචන ඇතිවුණා මම මේ වෙනකම්  හිටිය ශක්තිය බිංදුවටම ඇදලා දාන්න..

අයාකාගෙ පන්තිය පොළවට මම දණහිස වාරු කළේ තවත් මට ශක්තියක් නොතිබුණ නිසාමයි..

ඇස් කෙවෙනිවලට පිරුණ කඳුළු අතරින්..මම ඒ සුදු කඩදාසිය විවෘත කළා..

_____________

To Be Continued

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: May 23, 2024 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Miles Away | Niki Centric | OngoingDonde viven las historias. Descúbrelo ahora