හවස තේ මේසයේදි ඉඟුරු විස්කෝතුවක් රස බලන අතරෙ මම කල්පනා කළේ මිචිකො ගැන..
මුණ ගැහිලා ගත වුණේ බොහොම කෙටි කාලයක් වුණත් මිචිකො ගැන මගෙ හිතේ විශේෂ හැඟීම් මතුවෙන්න පටන් අරගෙන තිබුණා..මම ආසා කළේ, ආදරේ කළේ ඒ අහිංසකමකට..කාලෙකින් මම කිසිම කෙල්ලෙක්ගෙන් නොදැක්ක..මගෙ අම්මාගෙන් විතරක්ම දැකලා තියෙන ඒ අහිංසකකමට..
මිචිකොටත් එහෙම හැඟීමක් මං කෙරෙහි තියෙනවද නැද්ද කියන එක ගැන මට තිබුණෙ කුතුහලයක්...
"පුතා..ඔයාට අැමතුමක්.."මම හීන ලෝකෙන් මිදුනෙ අම්මාගෙ හඬට..දුරකථනය නාද වෙන හඬවත් මට නෑසුනේ කොහොමද කියලා පුුදුමයි මට..
"කවුද අම්මා?"මිචිකො කියලා හිතාගෙන අම්මාගන් අැහුවත් අම්මාගෙන් ලැබුණෙ මම අකැමති පිලිතුරක්..
"අයාකා.."
අතේ තිබුණ විස්කෝතුව පැත්තකින් තියලා මම දුරකථනයත් අරගෙන තේ මේසෙන් නැගිටලා එළියට ගියෙ අනිත් අයට බාධාවක් නොවෙන්න..
"අයාකා.."
"නිකී..මාව හෙව්වද ඔයා?"අයාකාගෙ සෙල්ලක්කාර හඬ දුරකථනය දිගේ ඇදිලා ආවා..
"නැහැ.."
"බොරු කියන්න එපා නිකී..කොනොන් මට කිව්වා ඔයා මාව හෙව්වා කියලා.."
"ඇත්තෙන්ම..ඒ හෙව්වෙ මම නෙමෙයි..ඔයාගෙ යාළුවො දෙන්නා.."
"හ්ම්ම්..නමුත් ඔයත් ඒ දෙන්නා එක්ක හිටි එකට මට සතුටුයි නිකී.."
ඉන් පස්සෙ කෙටි නිශ්ශබ්දතාවයක්..
"මම ආයෙත් ජපානයට ආවා..හෙට ඉස්කෝලෙදි හමුවෙමු.."
"ම්ම්..හොඳයි.."ඇමතුම විසන්ධි කරලා මම එතන තිබ්බ විසාල අතු විහිදගත්ත ගහ යටින් වාඩිවුණා..
මම මේසෙ උඩින් තියලා ආපු තේ එකත් අරගෙන කොනොන් මං ඉන්න පැත්තට එනවා දැක්කෙ එතකොටයි..
"අයියා..ඔයාගෙ තේ එක.."කොනොන් මං ගාවින් වාඩිවුණා..
"අයාකා අක්කා නේද?'
"ම්ම්.."
"අයාකා අක්කා ඔයාට හරි ආදරෙයි අයියා.."
මම නිහඩ වුණා..අැත්තෙන්ම මට ඒකට උත්තර දෙන්න ක්‍රමයක් දැක්කෙ නැහැ..
"මේ ගහ..ඔයයි අයාකා අක්කයි චූටි කාලෙ හිටවපු පුංචි පැළයක් නේද..?කොච්චර වෙනස් වෙලාද..?"
මම බැලුවෙ මුළු වත්තම හෙවණ කරගෙන විසිරුණ ඒ ගහ දිහා..මේ ගහත් අපි වගේ කියලා මට හිතුණා..ඉක්මනින් ලොකු වෙලා..ගොඩක් වෙනස් වෙලා..
"අයියා..මං දෙයක් කියන්නද ඔයාට?"
"මොකක්ද?""ඔයා ආදරේ කරන්න ඕනෙ ඔයාට ආදරේ කරන දේවල් වලට.."
පුංචිකමට වුණත් කොනොන් කියපු දේ වටිනාකම එවෙලේ නොතේරුණත්..ඒක ඉක්මනින් මට වටහාගන්න ලැබෙයි කියලා මම හිතුවා..
__________
To Be Continued

ESTÁS LEYENDO
Miles Away | Niki Centric | Ongoing
Fanfic"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•