හිස් වුණ වතුර බාල්දියත් අතේ තියාගෙන අයාකා හිටියෙ අැස්වල ගිනි පුපුරු විසිවෙන තරම් කේන්තියකින් මං දිහා බලාගෙන..හරියට අයාකාගෙ අතේ උල් පිහියක් තිබුණා නම් මට දහස් වතාවක් ඇනගෙන යන්න හැකියාවක් තියෙනවා වගේ..අයිස් කැට මුහු වුණ සීතල වතුරින් නෑවිලා ගිය මිචිකො මගෙ අතින් තදින් අල්ලගත්තෙ මුහුණේ වතුර පිහිදා ගනිමින්..
පිට්ටනියෙ හිටි හැමෝම නිහඬයි..ක්රීඩා ගුරුතුමා පවා..
"මොකක්ද මේ විකාරෙ අයාකා..?"මම ඇහුවෙ අයාකගෙ අතේ තිබුණ හිස් වතුර බාල්දිය මගෙ අතින් ඇදලා අරගෙන පැත්තකට විසි කරලා දාලා..
"හහ්..විකාරෙ..?මම නේද ඒක තමුන්ගෙන් අහන්න ඕනෙ රිකී??"උපාහාසය පිරි හඬකින් වගේම නපුරු හිනාවකිනුත් මූණ සරසගෙන අයාකා ඇහුවෙ මං ගාවට අඩියෙන් අඩිය එන ගමන්..
රිකී..
ජීවිතේ පළමුවෙනි වතාවට වෙන්න අැති..
අයාකා මට මගෙ නමින් කතා කළා..මං ගාවට හිමින් ඇවිදගෙන ආපු අයාකා එකවතාවෙම හැරුණෙ මිචිකොගෙ පැත්තට..මගෙ අතින් අල්ලගෙන හිටිය මිචිකොගෙ අත් දිහාට අයාකාගෙ නපුරු ඇස් යොමුවුණා..
"තමුන්..රිකීගෙන් මොනාද තමුන්ට ඕනෙ කියනවා..එයාගෙ සල්ලිද??ප්රසිද්ධියද??දේපළද?"ආයාකා කියන වචනයක් ගානෙම බොහොම දරුණු විදිහට දබරැඟිල්ලෙන් මිචිකොගෙ පපුවට අැන්නා..
"අ..අයාකා සන්.."මිචිකො කිව්වෙ වේදනාත්මක හඬින්..
"මේක නවත්තනවා අයාකා.."මම අයාකාව පැත්තකට තල්ලු කළා..
"තමුන්..තමුනුයි..මෙතන ලොකුම බොරුකාරයා රිකී නිෂිමුරා..එදා මන් තමුන්ගෙන් අහද්දි තමුන් කිව්වා මිචිකොට තමුන් කැමති නැහැ කියලා..එහෙම කියලාත් දැන් මොකක්ද මේ තමුන් කරන්නෙ..?"
"අයාකා..මං කිව්වා..මේක දැන් නතර කරනවා.."මගේ ඉවසීමේ සීමා ලකුණ කවදාවත් නැති විදිහට ලං වෙලා පේන බව මට තේරුම් ගියා..
"රිකී නිෂිමුරා..මං කී වතාවක් තමුන්ගේ ආදරේ ඉල්ලුවද..?මොකක්ද හේතුව මට කැමති නොවෙන්න..මම එදත් කිව්වා මං අැරෙන්න වෙන කාටවත් ඔයාව අයිති වෙන්න දෙන්නෙ නෑ කියලා..මං..මං ඔයාට කැමතියි රිකී.."අයාකා කිව්වෙ කේන්තියෙන්මයි..
"ඇති...!!!"මටත් නොදැනිම මගේ ඉවසීම සීමා පැන්නා..පිට්ටනිය දෙදරන්න කෑ ගහපු මම දිහා මිචිකො වගේම අයාකාත් පුදුමෙන් බලාගෙන ඉන්න බව මම දැක්කා..
"මට කැමතියි..?ඔයා..?අයාකා සන්..මට මේක පැහැදිලි කරන්න දෙන්න..එදත් මම කිව්වා අදත් මම කියනවා ඉදිරියටත් මේ දේමයි කියන්නෙ..මම ඔයාට කැමති වෙන්නෙ නෑ අයාකා..
ඔයා අැහුවා නේද මම මිචිකොට කැමතිද කියලා..
ඔව්..මම එයාට කැමතියි..
ඒත් කවදාවත් ඔයාට නැහැ..මේ වෙනකම් ඔයා මට හොඳ යාළුවෙක් වුණා..මේ තත්පරෙන් පස්සෙ අපි අතර තිබුණ යාළුකමත් ඉවරයි..කොච්චර ඔයා මට කැමතියි කියාගෙන මගෙ පස්සෙන් අාවත් ජීවිතේ කවදාවත් මම ඔයාට කැමති වෙන්නෙම නෑ.."හිතට ආපු ආවේගෙන්ම මම නොනවත්වාම කියාගෙන ගියා.."රිකී..නවත්තන්න ඕක..අපි පස්සෙ කතා කරමු.."මං ගාවට අාපු හරුතො මිමිණුවත් මම ඒක නොසලකා අයාකා දිහා බැලුවා..
රතු පාටට හැරුණු ඒ අැස්වල කඳුළු පොරකමින් තිබුනා.."මට කැමතියි කිව්වා නේද..එහෙනම් මං වෙනුවෙන් දෙයක් කරන්න..මගෙන් සැතපුම් දාහක් විතර ඈතින් ඉන්නවා..ආයෙත් මගේ ජීවිතේට එන්න හිතන්නවත් එපා.."කියපු මම තවත් මොහොතක් රැඳී ඉන්නෙවත් නැතුව මිචිකොගෙ අත වඩාත් හොඳින් අල්ලගෙන පිට්ටනියෙන් අැවිදගෙන ගියා..
_______________
To Be Continued
![](https://img.wattpad.com/cover/363909470-288-k454482.jpg)
YOU ARE READING
Miles Away | Niki Centric | Ongoing
Fanfiction"මගෙන් සැතපුම් දාහක් විතර දුරින් ඉන්නවා..." කවදාවත් මං කියපු දේ අහපු නැති එයා..මේක විතරක් අහයි කියලා මං හිතුවෙ නෑ.. •Pure Fictional Niki (ENHYPEN) Fanfiction•