දෙවන කොටස

270 27 2
                                    


" දෙවනී..දැන් මදැයි ළමයෝ ඔය නිදියෑවා නැගිටින්න "

අපෝ උදේ පාන්දර අපේ අම්මගේ ගාන්ටාරේ.

" ච්ක්.. නැගිටලා ඉන්නේ අප්පා කෑගහන් නැතුව යන්නකෝ" අපරාදෙ මගෙ නින්ද කෑවනේ, මං එහෙන්ම කොට්ටේ බදාගෙන අනික් පැත්ත හැරුනෙ දැක්ක හීනෙ ඉතුරු ටික බලන්න හිතාගෙන.

" මේ හදපු තේක නිවෙනවා, නැගිටලා ඇවිත් දුම් ටිකක් අල්ල ගන්න, යන තැනක කුඩයක් ගෙනියන්නෙ නෑ විහින් ලෙඩ හදා ගන්නවා මේ දවස් වල වහින්වා කියල දන්නවනේ බ්ලා බ්ලා බ්ලා.."

දැන් ඉතින් අයේ හීන දැකලා හමාරයි.අපේ අම්මාත් කියවන්න ගියාම වක්කඩේ වගේ. මං එහෙන්ම නැගිටලා ෆෝන් එක හෙව්වේ පුරුද්දට. අනේ ඉතින් ගුඩ් මොනික් කියලා වත් මැසේජ් කරන්න එකෙක් නැති උනාට මොකද නැගිට්ට ගමන් ඔපෙම් වෙන්නෙම වට්සැප් එක.

උදේ පන්දර කියලා හිතුවට මොකද්ද දැන් දහයත් පහු වෙලා. වෙලාවට අද ඉරිදා වුනේ. ඊයෙ නුවර ගිහින් ආවත් හරි නාලා කාලා ඇදට වැටුණේ වැස්සට තෙමුන ටිකට හැදිච්ච හෙම්බිරිස්සාවයි ඔලුවේ කැක්කුමයි නිසා. එහෙම්ම නින්ද ගිය පාර දැන් තමයි මේ ඇහැරුනේ. නහය පොඩ්ඩක් බර උනාට දැන් නැම් ඒ හැටි අමාරුවක් නෑ.

මට මේ පොඩ්ඩක් තෙමිලා මේම නම් අර මලයට සහලවල වුන ගන්න ඕනි ඒ තෙමිල හිටි විදියට. මාව ගෙදර යවන්න වීල් හොයන්න ඕනි උනනෙ ඒ පණ්ඩිතයට.

ආ ඒ කීවම මතක් වුනේ රුපියල් දෙසිය පනහා ඉල්ල ගන්න එනවා කියලා නම්බ එකත් දුන්න නෙහ්, බලමු වට්සැප් ඉන්නවද කියලා නැති වෙන්න නම් බෑ.

ඊයෙ සේව් කර ගත්ත නම්බ එක මං සර්ච් කරලා බැලුවා , ආ ඔය ඉන්නෙ.

එයා ප්‍රොෆයිල් එකට දාලා තිබ්බ ෆොටෝ එක දිහා මං ටික වෙලාවක් බලන් හිටියා. ඉර බැහැල යන දිහා බලම් ඉන්න බීච් එකක් ළඟ ගහපු සම්පුර්ණ ෆොටෝ එකක් ඒක ගහල් ටිබ්බෙ පිටිපස්සෙන් උනාට ඒ ඉන්නේ එයා කියලා අදුර ගන්න බැරි නෑ පිටේ එල්ලන් ඉන්න ගිටර් එකය් බැක් ග්‍රවුන්ඩ් එකේ ඉර බැහැලා යන විදියයි නිසා ඒකට මාර ඊස්තටික් ලුක් එකක් ඇවිත් තිබුනා. ඒකට මගෙ එක මේලෝ රහක් නෑ මීට මාස ගනකට උඩදි ඔෆිස් එකේ යලුවෙක්ගෙ වෙඩින් එක වෙලේ ගත්ත මිරර් සෙල්ෆි එකක්. එක්කො කමක් නෑ මොක්ද ඉතින් ඕවා මරු කර කර ඉන්න මං මේකේ මල් කඩන් නෑනෙ.

සිත් අහස්Where stories live. Discover now