තෙවෙනි කොටස

299 26 4
                                    


" කොහෙද ඉන්නේ? "

" ඔරලෝසු කණුව ගාව "

" හරි මං එනකල් ඉන්න. "

අද ඉරිදා සතියක් ගෙවිලා ගියේ ඇහි පිල්ලමක් ගහන වේගෙට. මං මේ ඇවිත් ඉන්නේ සිතගව හම්බවෙන්න ණයක් පියවන්න තියනවනේ මට. ගිය ඉරිදා එයාට දුන්න කෝල් එකෙන් පස්සේ ආයෙ කතා කරන්න දෙයක් නැති වෙයි කියලා හිතුවත් සිතග මට කතා කරන එක නැවැත්තුවේ නෑ, මුලින්ම එයා කරේ එක එක මීම්ස් එවලා මගේ චැට් එක පුරවපු එක මාත් එකකට දෙකකට රියැක්ට් කරා එහෙමයි කියලා කොල්ලා අතාරියේ නෑ එහෙමයි කියලා එයා දවස පුරා කෝල්.කර කර මැසේජ් දදා වදයක් වුණෙත් නෑ. මං මේ සතියට නෝට් කරපු දෙයක් තමයි සිතග කෙනෙක්ව කතාවට අල්ල ගන්න දක්ෂයි..

අපි කිසිම අදාලත්වයක් නැති එක එක දේවල් ගැන කතා කරා, සිංදුවක් ගැන , රටේ මේ වෙලාවේ තියන හිට් නිව්ස් එකක් ගැන නැත්තම් කෑමක් ගැන. එක එක දේවල් ගොඩක් අපි කතා කරා ගොඩක් වෙලාවට අඩුවෙන් කතා කරන මගෙත් කට සිතග එක්ක කතා කරද්දී වැඩියෙන් ඇරෙනවා කීවොත් වැරදි නෑ. ඒ අතරින් පතර එයා මට කට උත්තර නැති වෙන දේවල් නොකීවමත් නෙවේ හැබැයි මට කිසිම අන්කොම්ෆටබල් ගතියක් දැනෙන දේවල් නෙවේ. මට මේ සතියට සිටගව මං කාලයක් තිස්සේ දන්න කෙනෙක් වගේ දැනෙන්න අරන් තිබුනා ඒක හරි අමුතු හැඟීමක්.

මං මෙතනට ඇවිත් දැන් විනාඩි දහයක් ඇති කුරුණෑගල ටව්න් එකේ හොයා ගන්න ලේසි වෙන තැනක් නම් ඉතින් මෙතන තමයි.

අද ඉරිදා නිසා ,class යන ළමයිගෙන් ටවුන් එක පිරිලා. ලගින් ගියපු ගෑනු ළමයි දෙන්නා තුන්දෙනා මං දිහා හැරිලත් බලනවා මං ඇහැ කොනකින් නොදැක්කා නෙවෙයි තාම තනිකඩ වුණාට කොල්ලා ලස්සනයි. පොඩි අව්ලකට තියෙන්නෙ පොඩ්ඩක් ඇස් පෙනීම අඩු එක තමයි එකනේ ඉතින් මේ ක්ණ්ණාඩි දාන්නේ හැබැයි ඒකෙනුත් මට අමුතු ලුක් එකක් එනවා කියන්න මං නොදන්නවා නෙවේ.

මෙච්චර වෙලා මගෙ ළඟ තිබ්බ අවාදානේ එක පාරටම මං ඉස්සර නවත්තපු කලු පාට Yamaha R15 එකක් ළඟ නතර වුනේ එතනින් ගිය ගෑනු ලමයිගේ සද්දෙත් වැඩි කරගෙන මං දැක්කා එක කෙල්ලෙක් හයිප් එකටම අනික් කෙල්ලට ගහ ගහ බයික් එක පෙන්නනවා. මාත් බැලුවා කවුද මේ අවදානෙ ඉල්ලන අයියා කියලා. දන් හිටි ෆුල් ෆේස් හෙල්මට් එක ගලවලා කොණ්ඩේ හදන ගමන් අර එයගේ signature හීනාව දුන්නේ වෙන කවුරුත් නෙවේ සිතග, එක අතකට අර කෙල්ලො ටික සාධාරණයි black ඩෙනිම් ජැකට් එකයි බැක් ෂූ දෙකකුත් දාලා මදි පාඩුවට අතට දාලා තිබ්බ black glouce දෙකකුත්. පොඩි දාමරික ගතියක් ඒ ලුක් එකේ තිබුනට මොකද අර හිනාව නිසා ඒක මැකිලා ගිහින් තිබුනා මගේ හිතේ ලාවට වගේ හිරියක් ගියත් මං එහෙම එකක් නොදැනුන ගානට එයාගෙ බයික් එක ලගට ගියා.

සිත් අහස්Where stories live. Discover now