දේදුනුගේ මානයෙන්
වෙලාව එකොළහයි පනහයි, මේසේ උඩ තියන ඔරලෝසුවේ කට්ට තප්පරෙන් තප්පරේට යන ගමන් කරන සද්දෙ ඇරෙන්න මගේ වටේට තුබුනේ රෑ කලුවරට නොගැලපෙන නිහැඩියාවක්. අඩුම අද වෙනදා කෑ ගහන් රැහැයොයොත් සද්ද නෑ.
සිතග බෝඩිං එකට යද්දී හුගක් රෑ වෙලා එයා නාලා කාලා මට කෝල් කරනකල් මං හුගක් වෙලා බලන් හිටියා. දැන් සිතගගෙ කටහඩවත් අහන් නැතුව නිදාගන්න බැරි තැනකට මම පත් වෙලා.
ඒත් අද එයාගේ කටහඩ අහලා වුනත් මගේ නින්ද නැති වෙලා තියෙන්නෙ එයා අද දවල් අතෑරපු බෝබ්බෙ නිසා. එතකොට සිතග කියන්නෙ අපේ කම්පැනි එකේ ඔනර්ගේ පුතා? මට තාමත් ඒ ගැන හිතා ගන්න බෑ.
සිතගගෙයි මගෙයි අතර තියන සමහර නොගැලපීම්.ලයිස්තුවට තවත් දෙයක් එකතු වුණා වගේ මට දැනුනේ. මම පිරිමියෙක් වුණ එක එයා මට වඩා බාල වුණ එක ඒ මදිවට දැන් මං වැඩ කරන් තැන අයිතිකාරයගේ පුතා වුණ එක.
මට තේරෙන්නෑ මම මේව හිතනවා වැඩීද කියලා ඒත් කවදා හරි දවසක මේ දේවල් අපේ අදාරේට බාධාවක් වෙයි කියලා හිතෙනකොට මට ඒවා නොසලකා ඉන්න බෑ.
ඔව් මට තාම එයාට කියගන්න බැරි වුණා තමයි ඒත් මම දැනටමත් සිතගට හුගක් ආදරේ කරන්න පටන් අරන්. මුලු දවස පුරා මට එන සිතුවිලි හැම එකකම කොනක හරි එයා ඉන්න තරමට මගේ හිත එයාගෙ නමට ලියවිලා.
මම හිතාගෙන හිටියේ අද සිතග එක්ක ඒ ගැන කතා කරන්න ඒත් එයා හිටියේ හුගක් මහන්සියෙන් දවස් පුරාම මීටින් වලට එහෙ මෙහේ ගිහින් තව ඒවගේ රිපෝට් වගේකුත් හදලා යවන්න වෙලා. සිතග මාත් එක්ක නොකීව වුණත් එයා ඉන්නෙ මොකක් හරි ප්රශ්නෙක කියලා මට තේරුනේ එයා අද ඔෆිස් එකේදි හැසිරුන විදිය නිසා.
මං මුලින්ම සිතගව දැක්කේ සෙල්ලක්කර සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් විදියට ඒත් ඒ චරිතය ඇතුලේ ඊට වඩා හුගක් සංකීර්ණ මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.
මොනවා වුණත් දැන් නැවතීමක් නෑ එයාට ඕනම් දේකට මම හයියට ඉන්නවා. මුහුදු හත් ගව්වක් තියන් අමුඩ ගහන්න එපයි කියන්වනේ ඉතින් තාමත් ආපු නැති ප්රශ්න ගැන හිතලා ඇයි මම දුක් වෙන්නේ. එන දේකට මූණ දෙනවා.