" ආහ්~ සිතග "මෙච්චර වෙලා මගේ තොල් වලට දැනුන උණුහුම එක පාරට නැති වෙලා යනකොට මගේම කටහඩට මං ඇස් ඇරියා. දෙවියනේ ආයෙත් ඒ හීනේ. සිතග ඔයා මොකද්ද මට මේ කලේ ?
සිතග එක්ක නුවර ගිහින් ඇවිත් අපි අතර එදා සිද්ද වුන දේවල් වෙලා දවස් දෙකක් ගෙවිලා ගිහින් එත් මගේ හිත තාම එතනමයි.
අපි දෙන්නා අතර හුවමාරුව වුණ ඒ හාදුවෙන් පස්සේ දෙන්න අතර ලොකු ටෙන්ශන් එකක් දැනුනත් හාදුවකට එහා යන්න කාටවත් ඕන වුණේ නෑ. ඒ හදුවෙන් පස්සෙ කදුලු පිරුන මගේ ඇස් එයාගේ අතින්ම පිහදාලා ' අදට ඇති ' කියලා සිතග මගේ නලලට හාදුවක් දුන්න විදිය මතක් වෙද්දී ඒ වෙලාවේ හිත ගැහුන විදියටම අයේත් ගැහෙන්න ගන්නවා.
අපි අතර එහෙම දෙයක් වුනේ ඇයි කියන්න එයාවත් මම වත් ඊට පස්සේ කතා කලේ නැති වුනත්. ඒ වෙච්චි දෙයින් පස්සේ සිතග නම් හිටියේ හුගක්.සතුටින් කියන්න මට හොදටම තේරුණා..
මාව ගෙදර ගාවට ගෙනත් බස්සලා යනකොට මගේ අතින් අල්ල ගත්ත සිතග මගෙන් අහුවේ එයාව විස්වාසයි නේද කියලා. උත්තර දීගන්න වත් එයා ඉස්සර වචනයක් කතා කර ගන්න බැරුව හිටි මම ඔලුව වැනුවා. සාමාන්‍යයෙන් මම මිනිසුන් විස්වාස කරන්නේ හරිම අඩුවෙන් ඒත් සිතග ? ඒ ඇස් මට එයාව විස්වාස කරන්න හිතෙන් තරම් අවංකයි. එයා ඒ වෙලේ අන්තිමට කීව වචන ගැන මං දහවතාවක් හිතුවත් තාම එයා කීවේ මොකද ගැනද කියන්න මට හිතා ගන්න බැරි වුණා.
" ඔයාව වැඩි කල් බලන් ඉන්න දෙන්නේ නෑ මට දවස් දෙකක් දෙන්න "
එයා කීවෙ මොකක් ගැනද අදහසක් නැතත් මං හා කියන්න ඔලුව වනලා ගෙදර ආවා. ඒ ආපු වෙලේ ඉදන් මගේ ඔලුවේ කැරකෙන්නේ එයාගේ ඒ වචන විතරයි.
හවස වැඩ ඇරිලා ගෙදර ආපු මම සුපුරුදු පරිදි නාලා කරලා පොඩි නැප් එකක් දාපු වෙලේ තමයි අයේත් අරකිස් එක හීනෙන් රීප්ලේ වෙලා තියෙන්නෙ. මේ මිනිහා මගේ නින්ද නැති කරානේ මගුලක් කරලා. ආආආආ මට පිස්සු වගේ..
ඇදේ පෙරලිලා සිවිලිම දිහා බලාගෙන මගේ තොලත් අල්ලන් ලාවට එදා වෙච්චි හැමදේම ගැන මනෝ පාරක් ගගහ ඉන්නකොට මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා. අහ් ඔය ගන්නේ මගේ නින්ද කඩාකප්පල් කරපු කොටලුවා. නින්ද ලෝකේම කරන් කොහොම සැපේ හිටපු කොල්ලෙක්ද මම.