දහ තුන්වන කොටස

178 18 5
                                    


සිතග කියපු දේත් එක්ක මගේ ඇගත් සීතල වෙලා ගියා. එලියේ වහින්නත් අරන් මේ කොල්ල ඇත්තටම ආවද? මම ඉක්මනට ඇදෙන් නැගිටලා ගිහින් ජනේලේ ඇරලා බැලුවා මගේ ජනේලෙට පාර පේනවා එතකොට තමයි මම දැක්කේ ගේට් එක ළඟ බයික් එකක් නවත්තලා තියනවා.

" සිතග ඔයා ඇත්තටම ආවද? "

" අයියා බබා එලියේ සීතලයි "

අනේ ඇත්තටම මේ කොල්ල කරන වැඩ. හොද වෙලාවට අම්මලා නම් මේ වෙලේ නිදි මම හිමින් සැරේ සාලේට ගිහින් බැලුවේ කෝකටටත් කවුරු හරි ඉන්නවද කියලා කවුරුත් පේන්න නැති නිසා මං හිමින් සැරේ ඉස්සරහ දොර අරිනකොටම,

" ඕයි තමුසේ හීනෙන් ඇවිදිනවද? "

ඒ කටහඩට මං ගැස්සිලා ගියා. බලනකොට නංගි ඉන්නවා වතුර බෝතලේකුත් අතේ තියාගෙන. පාඩම් කරන් ගමන් ඉන්න ඇත්තේ ඔව් ඉතින් තාම දහයයිනේ. දැන් මොකද කරන්නේ අනේ අරහේ මගේ කොල්ල තෙමෙනවා ඇතී

" නෑ නෑ තමුසේ යනවකෝ කාමරේට "

" බෑ බෑ තමුසෙ කොහෙද යන්නේ කියන්වා. තමුසෙ පැනලා යන්නද හදන්නේ?"

මේකිත් මොනවා අහනවද මංදා. දැන් මෙහෙම ගියොත් මේ සද්දෙට අම්මටත් ඇහැරෙයි. එක්කෝ නංගිට ඇත්ත කියන්වා කොහොමත් එයා අපි ගැන දන්නවනේ.

" කෑ ගහන්න එපා ඕයි. සිතග ඇවිත් මං එයා ගෙට එක්කන් එනක්ල් පොඩ්ඩක් බලනවකො අම්මා ඇහැරෙයිද කියලා "

" හෑ? සිතග අයියා මේ වෙලාවෙ? තමුසෙ මොකටද මේ රෑ ඒ ළමයා ගෙන්න ගත්තේ?"

" මං ගෙන්න ගත්තේ නෑ එයා ඇවිත් තමුසෙට උත්තර දෙන්න වෙලා නෑ අර කොල්ලා තෙමෙනවනේ ඕයි "

" අහ් හරි හරි එක්කන් එනවකෝ මං බලන්නම්. තමුසෙ මේවට මට ගෙවනවා හරිද "

පෙනේද මේකි එතනත් බොර දියේ මලු බාන හැටි දෙන්න තියෙන්නෙ.

මං නංගිටත් රවලා ඉක්මනට සිතග ඉන්න තැනට ආවා. එයා ඉන්නවා බයික් එකට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන. වැස්සට තෙමිලා හොදටම. ඒක දැක්කම නම් මට තරහත් ආවා.

" මොකද කරන්නේ මෝඩයෝ පිස්සු හැදිලාද? මේ බලන්න හොදටම තෙමිලනේ ?"

සිත් අහස්Where stories live. Discover now