දාහත්වන කොටස

179 20 4
                                    


"  සිතග අයියා ඔයාට ඒ වෙලේ ඉන්න තිබ්බේ අපේ අයියාගෙන් මාරක අපලයි කීවම ඒ අක්කගේ මූණ ඇද වුණ හැටි බලන්න හත්තිලව්වට ගහපු කලාබරේ වගේ අම්මො මට නම් මතක් වෙනකොටත් හිනා යනවා..  "

" .... "

" නැතුව නැතුව ඉතින් අපිට වැඩක් බාර දුන්නම එහෙම තමා, මං කීවනේ තිතට කරනවා කියලා , අනික සිත්මි අක්කිත් ගානට වැඩේ කරානේ අපේ අයියාව දැකලා  තාම හීනෙන් බය වෙනවා කියලත් කීවා. "

" …… "

" ආහ් හරි හරි මං කියන්නම් චුට්ටක් ඉන්නකෝ, මේ අයියා සිතග අයියා කත කරනවා දැන් මදැයි තරහ වෙලා හිටියා ගන්නවකො ෆෝන් එක "

නංගි ඇවිත් එයාගේ ෆෝන් එක බලෙන්ම මගේ ඇගේ ගහනකොට මං අහක බලාගෙනම හිටියා, කෝල් එකේ හිටියේ සිතග මගේ ෆෝන් එක ඕෆ් නිසා නංගිට ගන්න ඇති.

දෙන්නා කොච්චර හොදට පෑල් වෙලාද කියනවා නම් අපේ නංගි අද උදේ නටපු නාඩගමේ මහ මොළකරු තමා සිතග, කොච්චර හොදට ඒ නාටකේ කරලා තියනවද කියනවා නම් අපි ආපහු ගෙදරට ඇවිත් දොර අරින්නත් කලිනුයි ඒ ගෙදරින් කෝල් එකක් ආවේ මේ කටයුත්තට කැමති නෑ කියලා, අම්මාට නම් තාමත් හිතා ගන්න බෑ මොන හේතුවක්ද කියලා, ඒක අහපු ගමන් ලොකු නැන්දගෙයි මාමාගෙයි මූණ ඇද වුණ හැටි නම් බලන්න වටිනවා.

" මගුල්  වලට කැමති වෙයි ඈ තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නෑ, අපිටත් හොද වැඩේ මගුල් කතා කරන්න යනවට අපි යමු රනේ යන්න මේ නංගි මම මේ යන්න කලින් කියන්නේ ආයෙ නම් මේ වගේ වැඩ වලට අපෙන් උදව් නෑ "

ඒ වචන ටික ඇහුවම නම් මගේ හිතට මාර සැනසීමක් ආවේ, ඇති මෙතනින් වත් මේ මගුල් කතා කිරුල්ල නතර උනොත්.

" මේ සිතග අයියා මේයාට තාම ඩෝං ගිහින් අනේ ඉන්නේ "

මං නංගිගෙන් ෆෝන් එක ගත්තේ නැති නිසා නංගි ආපහු ෆෝන් එක කනේ ගහන් සිතගට කියනකොට එයත් අනික් පැත්තට මොකක් හරි කියනවා ඇහුනා, මං තරහයි අනේ සතියක් තිස්සේ මාව බය කරලා යසයි කරලා තියන වැඩේ.

" ආහ් හා ඉන්න "

සිතග කීව මොකක් හරි දේකට නංගි එහෙම කියලා ෆෝන් එක මගේ පැත්තට කරලා ස්පීකර්ස් දැන්මා.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 30, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

සිත් අහස්Where stories live. Discover now