සිව්වන කොටස

215 26 3
                                    

"You can't stop me loving ma self oh oh oh ohhh oh ooh oh ආආයී ආයී අතාරිනවකෝ පිස්සුද තව්සෙට "

කන පැලෙන්න සිංදු දාගෙන බෙරිහන් දෙන නංගිගේ කනින් ඇඳන් මං එක්කන් ආවෙ මගෙ කාමරේට ,

" පිස්සුද අයියා මොකද වෙලා තියෙන්නෙ? " නංගි රතු වෙච්චි කනත් අත ගගා මගෙ ඇදෙන් ඉදගන්න ගමන් ඇහුවෙ අතට අහු වෙච්චි කොට්ටෙකුට්ත් මගේ පැත්තට විසික් කරලා මං ඒක අල්ලගෙන ආයෙත් එකීටම දමලා ගැහුවා ,

" තමුසෙ කොහෙද ඊයෙ ක්ලාස් යනවා කියලා ගියේ? "

" කොහෙ යන්නද ක්ලාස් තමා ගියේ "

" ක්ලස් තිබ්බෙ වැව රවුමේද? "

" පිස්සුද හලෝ මං එහෙ ගියෙ නෑ "

" බොරු කියන්න එපා චූටි මං ඇස් දෙකෙනම දැන්කා තමුසේ කෙල්ලො ටිකක් එක්ක සිරික්කිය දාන්‍ යනවා ඉන්නවකො අම්මට කියන්න, අම්මා...." මං එහෙම කීව පාර නම් නංගිගේ මූන වෙනස් උනා එයා දඩි බිඩි ගාලා නැගිටලා අවිත් මගෙ කට වැහුවා

" ආපෝ කෑ ගහන්න එපා ඕයි, හරි හරි ගියා තමා ක්ලාස් ඇරිලා එන ගමන් නිකම් ගිහින් එන්න ගියේ අනික මං ගියේ මගේ යලුවෝ එක්ක නැතුව කොල්ලෙක් එක්ක  නෙවේනෙ "

ඇත්ත, කොල්ලෙක් එක්ක ඉඳලා අහු උනා නම් මං මෙහෙම නෙවේ කතා කරන්නේ හිටියෙ කෙල්ලො ටිකක් එක්ක නිසා මොකුත් කියන්නත් බෑ ,

" තමුසෙ ආයෙ අහු වෙන්න එපා මට ක්ලාස් යනවා කියලා රෝන්දේ ගහලා "

වැව රව්ම කියන්නේ ඇත්තටම සෙනසුරාදා ඉරිදා ඔය වයසේ ළමයින්ට ගැවසෙන්න හොද තැනක් නෙවේ හිටපු ගමන් ඔතනට  පොලිසියෙන් ඇවිත් කුදලන් ය්නවා අවුරුදු 18ට වැඩිද ආවෙ යාලුවො එක්කද මොකුත් අදාල නෑ නිකම් ප්‍රශ්න දාගන්න ඕනි නෑනෙ. මං කෑ ගැහුවෙ ඒකයි නැතුව නංගි කොල්ලෙක් එක්ක යාලු වෙලා නම් එකත් ප්‍රශ්නයක් නෙවේ මොකද එයත් දැන් යමක් කමක් තෙරෙන වයසෙනෙ හොද කෙනෙක් නම් අකමැති වෙන්න දෙයක් නෑ මට.

" හරි හරි අනේ, ඒත් පොඩ්ඩක් ඉන්නවා තමුසෙ කොහෙද එහේ ගියේ මාව දකින්න?" නංගි ඒක ඇහුවෙ ඇස් දෙකත් හීනි කරලා අමුතු බැල්මක් දාන ගමන්, දැන් දීපල්ලකො උත්තර ,

සිත් අහස්Where stories live. Discover now