සිතගගේ මානයෙන්:
" හසරැල් ඔහොම ඉන්නවා "
Of course he was waiting for me. වෙලාව එකොලහයි හතළිස් පහයි දේදුනු ගෙදරින් දාලා මං වාහනේ මග නවත්තන් ඉදලා හිතලාම පරක්කු වෙලා ආවේ මේ ඇහුන කටහඩ මග අරින්න. But who am I kidding ?
" කියන්න "
කාමරේට යන්න පඩිපෙල නගින්න ගිය මම එහෙමම නැවතිලා ඇහුවේ මේ කතාව ඉක්මනට ඉවර කර ගන්න.
" තමුන් කොහෙද මේ රෑට රෑ වෙලා ගිහින් එන්නේ එකත් මේ වීක්ඩේ එකක? "
" I had something to do dad "
" ඇයි තමුන්ගේ අර වැඩකට නැති degree එක එපා වෙලද කවදාවත් නැතුව වීක්ඩේ එකක් ගෙදර ආවේ? ඒක එහෙම නම් වඩා හොදයි දැන් වත් බිස්නස් වලට ෆෝකස් කරනවා."
ඩෑඩ් වෙනදා වගේ පුරුදු තැනටම කතාව අරං එනකොට මම සද්ද නොකර හිටියේ මේවට කතා කරන්න ගියොතින් මේ කතාව හොදින් නතර වෙන්නේ නෑ කියලා දන්න නිසා.
" Bussines Managment degree එකේ වැඩේ කොහොමද ? "
" කරන් යනවා dad "
" හ්ම්ම් දැන් ගෙදර ආපු එකේ ලෑස්ති වෙනවා හෙට මාත් එක්ක ඔෆිස් යන්න. අපුත් ප්රොජෙක්ට් එකේ සප්ලයස්ලා එනවා හෙට ඒ කට්ටිය එක්ක කතා කරලා වැඩේ බාරගෙන කරන් යනවා "
" dad මම හෙට ආපහු campus එකට යන්න ඕනි අනික මට වෙලාවක් නෑ සම්පූර්ණයෙන් ප්රොජෙක්ට් එකක් බාරගෙන වැඩ කරන්න you know that "
මෙච්චර වෙලා සෝෆා එකට වෙලා මං එක්ක කතා කරපු ඩෑඩ් මම එහෙම කියනවත් එක්කම වගේ නැගිටලා මගේ ලගට ආවේ එයා අතේ තිබුන මැගසින් එකත් පැත්තකට විසික් කරලා.
" මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා හසරැල් තමුන්ට මම ඔය කෙහෙල්මල් උපාධිය කරන්න අවසර දෙනකොටම කීවා ම කියන විදියට හිටියේ නැත්තම් ඕක නතර කරලා බිස්නස් බාර ගන්න ලෑස්ති වෙන්න කියලා. හෙට මාත් එක්ක යන්න ලෑස්ති වෙනවා"
" මම හෙට කැම්පස් එකට යනවා. "
" මොකද්ද මං දැන් තමුන්ට කීවේ?"
" I don't freaking care dad!! I am not one of your business project to handle as you wish. Leave me alone for god sake"
චටාස්!!!