පස්වන කොටස

188 25 5
                                    

" මං කීවනෙ මට කතා කරන්න එපා කියලා "

" අයියෝ ඔයාට ඔච්චර තරහා යන්න දෙයක් වුනේ නෑනේ දේදු "

" අනෙහ් මේ මං තියනවා මට වැඩ "

සිතග ආයෙ මොකද්ද කියන්න ගියත් මං ඉක්මනට කෝල් එක කට් කරා. ඇයි අනේ මට ඕන්නෑ. මං ඉන්නේ තරහින් සිතග ගිය සතියේ මට පොරොන්දුව වුනා මාව පේරාදෙණියේ මල් බලන්න එක්ක යනවා කියලා මේ දවස් වල එයාලගේ කැම්පස් එකේ blooming season එක.

එක්ක යනවා කියලා පොරොන්දු වුනාට පස්සෙ එයාට මොකද්ද හදිසි වැඩක් වැටුණ නිසා ඊලග සතියෙ යමු කියලා කීවා, මෙන්න මං බලනකොට හදිසි වැඩක් කීව මනුස්සය කෙල්ලො ටිකක් වට කරගෙන් ඉන්ස්ටා ෆොටෝ අප්ලෝඩ් කරලා කොහෙද මන්දා බීච් එකක. හරි එතන කොල්ලොත් හිටියා ඒ වුනාට මෙයා වටේ වැඩියෙන්ම හිටියේ කෙල්ලො.

මං දන්නෑ මට මොනවද මේ වෙලා තියෙන්නෙ කියලා ඒත් ඒව දැක්කම මට තරහයි අනික දුකයි. එක්කෝ එයා මට බොරු පොරොන්දු දෙන්නේ නැතුව ඉන්න ඕනි මං කොච්චර ආසවෙන්ද හිටියේ මල් බලන්න යන්න. මං ඉස්සර මෙහෙම නෑ ඒත් සිතග හම්බුනාට පස්සේ මං වෙනස් වෙලා කියලා මටම දැනෙනවා.

මගේ co-workers ලා කීප දෙනෙක්ම කීවා මගේ වෙනසක් පේනවා ඉස්සරහට වඩා සතුටින් ඉන්නවා කියලා. එයාල හිතන් ඉන්නෙ මට කෙල්ලෙක් සෙට් වෙලා කියලා.  අපේ චූටි සිතග ගැන එක එක ඒවා කියලා මටත් දැන් එයා ගැන අමුතු විදියට දැනෙනවා. ඒ හැම වෙලාවකම එයා කොල්ලෙක් කියලා මං මගේ හුතට තරවටු කර ගන්නවා.

ඒ කොහොම වුනත් සිතග හම්බුනාට පස්සෙ මගේ බෝරින් ලයිෆ් එක සෑහෙන්න  වෙනස් වෙලා, මං ගෙදර දුවන්නෙම නලා කරලා ඇදට පැනලා එයාගේ කෝල් එක ආන්ස කිරන්න බලාගෙන, ඉතින් මං දවසෙම වෙච්චි දේවල් එයාට කියලා වැඩ කරන තැන අයටත් බැනලා මගෙ දවසේ ස්ට්‍රෙස් එක නැති කර ගන්නවා . කොටින්ම කීවොත් සිතග දැන් මගෙ වැඩ කරන  තැන් ඉන්න අයගෙ නම් ගම් පවා දන්නවා සමහර වෙලාවට මං මොකක් හරි කියන්න කට අරිනකොට එයා මං කියන්න ගිය දේ සම්පූර්ණ කරලත් ඉවරයි.

මං ඇත්තටම දන්නේ නෑ මට මේ දැනෙන දේවල් වල තේරුම ඒත් මං දැන් ඒ දේවල් වලට හුගක් හුරු වෙලා බැරි වෙලා හරි සිතගගෙන් කෝල් එකක් නැති වෙද්දී මැසේජ් එකකට රිල්ලයි එන්න පරක්කු වෙද්දී මට ගොඩක් දුක හිතෙනවා වගේම මං සෑහෙන්න කලබල වෙනවා.

සිත් අහස්Where stories live. Discover now