" චූටි ඕයී චූටීටීටි......"" ආයි අප්පා එහාට යනවකෝ.. "
ගෙදර ආපු ගමන් නාලා එහෙම මං මගේ අල්මාරිය ඇරියා ඇදුම් නම් ගොඩයී ඒත් මං මොකද්ද අදින්නේ? ඩේට් එකකට මොකද්ද අදින්න හොද? ස්මාට් කැශුවල්? මං ගාව වැඩියෙන් තියෙන්නේම මං වැඩට අදින එව්වා. ඒත් ඒවා ප්‍රොෆෙෂනල් වැඩී වගේනෙ නිකම්ම ඩෙනිමයි ටී එකයි අදින්නද. ඒත් එයා කොහොම ඇදන් එයිද දන්නෑ මං ගොනා වගේ ඉදි. ආආආ ස්ට්රේස්ස්ස්.
මං අද හාෆ් ඩේ එකක් දාලම ගෙදර ආවෙ සිතග එක්ක ඩේට් එකට යන්න ලෑස්ති වෙන්න ඕනි නිසා. වෙලාවට නිවාඩු ඉතුරු වෙලා තිබුනේ. හවස ඔෆිස් යලුවෙක්ගෙ පාර්ටි එකකට යන්න නිසා කලින් ආවේ කියලා අම්මාට බොරුවකුත් කියන්න වුණා
කලින් ආවට මට තාමත් අදින්න එකක් හිතා ගන්න බැරි නිසා මං අල්මාරිය වහලා දාලා ගියා නංගි හොයාගෙන. බොරු කියන්න ඕනි නෑනේ මගේ ෆැශන් සෙන්ස් එක නම් අන්තිමයි ඒකට අපේ නංගි අම්මාගෙන් බැනුම් අහ අහ හරි එයා නොකරන ෆැශන් එකක් නෑ. මගේ තුට්ටු දෙකට තමා ඉතින් ඒකෙනුත් තට්ටු වෙන්නේ. මං කාමරේට යද්දී මේකි පස්සත් උඩදාගෙන නිදි , කොච්චර කතා කරත් නැගිටින් නැති නිසා මං දොක් ගාලා පැන්නා ඇඟ උඩටම.
මේකි මාවත් තල්ලු කරලා අයේ හැරිලා නිදියන්න ලෑස්තිය. ඒව කොහෙද මාත් එක්ක මං නංගිව අල්ලං කුචු කවන්න ගත්තා.
" අනේහ්~ එපා යනවකෝ ~~~~අම්මේ අනේ " නංගි දස අතේ ඇබරි ඇබරි අඩ අඩ හිනා වෙනවා.
" නැගිටපන් එහෙනම්"
හිනාව නවත්තගන්න ඇරුව ඇස් දෙකෙත් කදුලු පුරවන් නිසා මං පව්නේ කියලා අතෑරියා. අම්මාත් මොකද ෆිල්ම් එකක් බල බල හිටියේ ඒකටම වහ වැටිලා නිසා අපේ කෑහිල්ල එයාට ගානක් නෑ. නැත්තම් මෙලහට දෙන්නම ගුටි කාලා.
" තමුසේ නම් මහා බූරුවෙක් "
නංගි නැගිටලා අතට අහුවෙන් කොට්ටෙන් ගැහුවම මං ඒක අල්ලා ගත්තා.
" මේහ් උදව්වක් කරවකෝ "
" මට බෑහ් "
උදව්ව මොකද්ද කියන්නත් කලින් මේකි ගත් කටටම බැහ් ගෑවා. මං කරනවා වැඩී මුන්ට හහ් වරෙන්කෝ අයේ අයියේ අරක අරන් දෙන්න මේක අරන් දෙන්න ගාගෙන.