CHAPTER #4

519 54 28
                                    

අදට සතියක් මම ජන්ග්කුක්ව දැකලා වගේම මෙහෙ හිර වෙලා ජූනි ඔප්පා නම් හොදයි මට සලකන්නේ එයාගේ පව්ලේ කෙනෙක්ට වගේ ටේත් එහෙමයි ජන්ග්කුක් ගැන නම් කියන්න බැ මොකද මන් එයාව දැක්කේ නැ තාම.

"නූනා...."

"ඇයි ටේ..."

"නූනා මොනාද කල්පනා කරන්නේ"

"මොකුත් නැ ටේ"

"නූනා අද රෑට කෑම හදනකොට කුකී හියුන්ටත් එක්ක හදන්න වෙයි"

"එයා එනවද?"

"එන්න දෙයක් නැ ඇවිත් ඉන්නේ නූනා"

"මොකක්..."

"ඔව් හියුන් එයාගේ රූම් එකේ"

"හ්ම්.."

"ඔහොම බය වෙන්න එපා හියුන් යකෙක් නෙවෙ අනේ"

"හ්ම්ම්..."

යකෙක් නම් තව හොදයි ඒත් ජන්ග්කුක් එයා ඊට වඩා හපන් නේ මම හරිනම් එයාට වෛර කරන්න ඕනි ඒත් මට ඒක කරන්න බැරි සිද්ධ වුන දේවල් මගේ කැමත්තට වුනා කියලා එයාම කියන නිසා අනිත් එක එදා කිස් එක මාව එයාට මත් වෙනවා වගේ හැබැයි මට සැකයි ඇත්තටම ඒක වුනේ මගේ කැමැත්තෙන්ද කියලා.

"මීයූ...."

"ආ... ඔප්පා ඔයා දැන්ද ආවේ"

"නැ දැන් විනාඩි පහක් වගේ මන් ආවා කියලවත් දැක්කේ නැනේ ඔයා ඉතින්"

"මම වෙන කල්පනාවක හිටියේ ඔප්පා"

"හරි කමක්නැ ජන්ග්කුක් කිව්වා බානානා මිල්ක් එකක් හදලා අරන් එන්න කියලා රූම් එකට"

"ඔප්පා... මන් හදලා දෙන්නම් ඔයාට ගිහින් දෙන්න බැරිද"

"දන්නවනේ මියූ මම එයාගේ හියුන් වුනාට ජන්ග්කුක් දෙයක් කිව්වොත් අනිවාරෙන් එක ඒ විදිහටම වෙන්න ඕනි කියලා"

"ඒත් ඔප්පා..."

"ජන්ග්කුක් ඔයාව මරන්නැ මියූ"

"හ්ම්..."

"මන් එලියට යනවා වැඩකට එනකොට රෑ වෙයි ඒත් dinner එකට එනවා"

"හරි ඔප්පා"

ටේට මම නූනා වෙනකොට ජූනි ඔප්පට මියූ වුනා එයාලා දෙන්නා ගොඩාක් හොදයි ඒත් මට බැ අර නපුරු හාවාගේ ලගට යන්න බයයි ඒත් කමක්නැ දැන්වත් මට අහන්න පුලුවන් වෙයිනේ අප්පා ගැනවත් අඩුම තරමේ.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now