තේරෙන්නැ මම මොකද කරන්නේ ඇත්තටම කුකී කොහේද ඔයා මේ දවස් වල ටේමින් හැසිරෙන්නේ මහා අමුතු විදිහට මට එයාගේ බැල්මෙන් තේරෙන්නේ ඉස්සරහට වෙන්න යන්න දේ හොඳ දෙයක් නෙවෙයි කියන එක.
ටේමින් අදත් මම ඉස්සරහම නිකරුණේ මිනිස්සු දෙන්නෙක්ව මරලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැති ගානට සමහර විට එයත් කුකී වගේ වෙන්න පුලුවන් ජන්ග්කුක් පවා දරුණු වුනේ එයාගේ නූනා නැති වුනාට පස්සේ ටේමින්නුත් එහෙම වෙන්න පුලුවන් මේ දේවල් ඇත්තටම විකාරයක් දැන්.
"මියූන්හී...."
"අහ්ම් ලියා ඇයි..."
"එන්න..."
"කොහේද..?"
"ප්‍රශ්න අහන්න එපා එන්න..."
ලියා වෙනදා වගේ නෙවෙ එයාට මොකද වුනේ එකපාරටම උදේත් හොඳට හිටියා මොනවා වුනත් මම ඉන්නේ මෙයාලා ලඟ හිර වෙලානේ ඉතින් මොනදේ කිව්වත් මට අහන්න වෙනවා.
"ඔහ්... මගේ පුංචි ප්‍රින්සස් ආවද... බලන්නකෝ මම ඔයාට තනියට ඉන්න කෙනෙක්ව ගෙනවා... ඕකාව අරන් එනවා රයන්..."
ටේමින් එහෙම කියපු ගමන් රයන් අපි ඉන්න තැනට එක්කගෙන ආවේ මුණ වහපු කෙනෙක්ව ඇඟ හැමතැනම තුවාල වල මිඳුණු ලේ හිටගෙන ඉන්නවත් පණ නැහැ රයන් අල්ලගෙන ඉන්න නිසාම නොවැටී ඉන්නවා ඒත් මේ... නෑ අනේ...
"ටේ බබා...."
ඔව් ඒ මගේ ටේ බබාම තමා අනේ මගේ පොඩි එකා දෙයියනේ මේ මනුසයා මොනවද මගේ අහිංසකයට මේ කරලා තියෙන්නේ.
ලියා මාව නවත්තන්න හැදුවත් මම එයාගේ අත ගසලා දාලා කෙලින්ම ගියේ රයන් ලඟ ඉන්න ටේ බබා ලඟට ඔව් මුණ වහලා තිබුණත් මට එයාව අඳුර ගන්න පුලුවන්.
රයන්ගේ අතින් අතැරපු ගමන් ටේ බබාව වැටෙන්න ගියත් මම එයාව අල්ලගත්තා මම හිතුවා හරි මුණ වහලා තිබුණ කලු රෙද්ද අයින් කරාම හිටියේ ටේ බබාම තමයි කොච්චර අමාරුවෙන් හිටියත් මාව දැක්ක ගමන් වෙනදා වගේම ඒ මුණේ ඇදෙන හූරතල් හිනාව අනේ මගේ පොඩි එකා.
"අ.....හ්....ම්..... න්...නූ...න්...නා...."
"මගේ පැටියෝ...නූනා ඔයා ලඟම ඉන්නවා බය වෙන්න එපා...."
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanficMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу