CHAPTER #24

294 47 69
                                    

"බොස්..."

"මොකද මිනිහෝ උබට පේන්නේ නැද්ද මම මෙතන වැඩක් කියලා..."

"බොස් අපිට පොඩි ප්‍රශ්නයක්..."

"මොකක්ද..."

"ඌන් ඇවිත්..."

"ෆක්..... යමන් ඕයි...."

මගේ වාසනාවක්ද කියන්න දන්නැ ඒත් රයන් ආපු නිසා අදට මම බේරුනා ටේමින් ගියාට පස්සේ මම හුස්මක් අතැරියේ මේ දේවල් නිසා මට දැන් ඕනැවටත් වැඩිය මහන්සි.

"මියූන්හී අපි යමු..."

"ලියා..."

"අපි යමු..."

මම ලියත් එක්ක රූම් එකට එනකොට ඌන් බෙයාවත් ගෙනත් පව් දෙයියනේ මගේ අහිංසකයා වයසින් ලොකු වුනත් තාම හැසිරෙන්නේ වැඩ කරන්නේ පොඩි ලමයෙක් වගේ කොහොම මේ දේවල් ඉවසනවා ඇතිද කැපුම් පාරවල් වල මිදුණු ලේ කැටි තාමත් එහෙම්මයි.

"එයා හූරතල් මියූන්හී..."

"ඔව්...."

"මට සමාවෙන්න මියූන්හී මේ වෙන දේවල් අසාධාරණයි ඒත් මට කෙල්ලෙක් වෙලත් ඔයාගේ තත්වේ දැනගෙන ඉඳලත් මොකුත්ම කර ගන්න බැහැ..."

"ඔයා මොනවා කරන්නද ලියා...."

"මේ දේවල් ඉක්මනට ඉවර වෙනවා නම් මම කැමති මියූන්හී...."

"මමත්...."

ලියා යන්න කලින් එයාටම කියලා උණු වතුර ගෙන්න ගත්තේ ටේ බබාගේ තුවාල ටික පිරිසිදු කරගන්න වෙනදට කොයිවේලෙත් හිනාවම තියෙන ඒ මුණ අද මැලවිලා ගිහින්... මට සමාවෙන්න බෙයා ඔයා විඳවන්නේ මම නිසානේ.

"නූ..න්..නා..."

"බෙයා කෝ ඔහොම ඉන්න ඔය තුවාල පැරෙයි...."

"අ...හ්... න්නූනා... ඔයා අඬනවද..."

"මට සමාවෙන්න බෙයා..."

"අ..අහන්නකෝ නූනා මාව විශ්වාස කරන්න හ්‍යුන්ග් අනිවාරෙන්ම එනවා..."

"ම්ම්..."

කුකී ඔයා තවත් පරක්කු වෙන්න එපා එහෙම් වුනොත් ඔයාට බේරගන්න වෙන්නේ අපි දෙන්නගෙන් කෙනෙක්ව විතරයි ඉක්මනට එන්න කුකී මට දරාගන්න පුලුවන් අන්තිම සීමාවේ මම ඉන්නේ.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now