CHAPTER #6

895 66 32
                                    

හිතට අමුතු බයක් තියෙනවා යුනිවර්සිටි යන්න ඒත් අනේ මන්දා දැන් ආයේ බෑ කියන්න බෑ එහෙම කිව්වොත් ජන්ග්කුක් මාව මරයි එයා ඉතින් devil කෙනෙක් වගේ නේ.

"මියූ..."

"ආ...ජූනි ඔප්පා"

"බය වෙන්න එපා පරිස්සමින් වැඩ ටික කරගන්න මන් එන්නම් ඔයාව ගන්න හරිද"

"හ්ම්"

ජූනි ඔප්පා මාව යුනි එක ලගින් දාලා ගියාම මම හොද හුස්මක් අරගෙන ඇතුළෙට ගියේ අමාරුවෙන් වුනත් මාව සංසුන් කරගෙන.

"මියූන්හී....."

යුනි එකට අඩිය තිබ්බ ගමන් මගේ නම කියලා කෑගහන්නේ කව්ද කියලා බලන්න මම ආපහු හැරුනාම දැක්ක කෙනා ඇත්තටම එයාමද කියලා මට විශ්වාස කරන්න බෑ.

"ජීයා..."

"යාහ්... එහෙනම් පරණ යාලුවා මතකයි නේද..."

"ඇත්තටම මේ ඔයාද"

"තාමත් ඉස්සර හිටපු පොඩි එකීම තමා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනේ"

"ඔයත් ජීයා..."

"අව්රුදු ගානකට පස්සේ නේද ඒක නිසා අපිට කතා කරන්න ගොඩාක් දේවල් ඇති යමුකෝ ඉතින්"

"කොහේද?"

"අනේ මෝඩි මට බඩගිනි එක නිසා කන ගමන් කතා කරමු යමුකෝ"

ජියා නම් කලින් වගේමයි මොන දේටත් කලින් කෑම තමා එයාගේ පළමු රාජකාරිය.... ජියා මට හිටපු එකම යාලුවා පොඩි කාලේ ඉදලා ඒත් මන් මේ දැන් එයාව දකින්නේ අවුරුදු හතකට විතර පස්සේ මොකද එයා එයාගේ අප්පා එක්ක කැනඩා ගියානේ.

ජියා මාවත් ඇදගෙනම ආවේ cafeteria එකට කන්නත් අරගෙනම පැත්තට ගිහින් වාඩි වුන විදිහෙන්ම මට තේරුනා දැන් හදන්නේ එයාගේ සුපුරුදු කියවිල්ල පටන් ගන්න තමා කියලා.

"හරි අපි කොතනින්ද පටන් ගන්නේ දැන්..."

"ඈ..."

"ආ හරි ඔක්කොටම කලින් මට කියන්නකෝ ඔයා ඇයි අප්පා එක්ක ඉන්නේ නැතුව වෙනම ඉන්නේ කියලා"

"මොකක්"

"ඔව් මම කොරියා වලට ආපු ගමන් ගියේ ඔයාව බලන්න ගෙදර ඒත් හිටියේ අංකල් විතරයි එතකොට එයා කිව්වා ඔයා වෙනම ඉන්නේ කියලා job එකක් කරන නිසා යුනි එන ගමන්ද job එකක් කරන්නේ?"

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now