06 🌼 Chord

3.6K 597 252
                                    

දවසින් දවස ගෙවිලා එක වේගෙන් සතියක් ඉවර වෙලා කටුකුරුන්ද love on wheels 2024 ඉවෙන්ට් එක දවස උනා වුනා......

මුලින්ම පොඩි බයක් තිබ්බත් GT3Rs එක අල්ලපු මොහොතෙම ඒ බය ඇගෙන් තුරන් වෙලා ගිගින් ඒඩන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් ගොඩ නැගුනා......

ඒ නිසාම අද උදේ කොල්ලා ගෙදරින් එළියට බෑස්සෙ පොඩි වත් බයක් හිතේ නැතුව....

අනුක් අයියට හොරෙන් මේ දේවල් කලත් ඒඩන්ගෙ හිතේ පොඩි දුකක් ඒ ගැන නොතිබ්බත් නෙමෙයි..... රණ්ඩු කරන්න හරි මේ ගැන අනුක් අයියා දැනුවත් කරන්න දෙන්නටම උවමනාව තිබ්බත් අනුක් අයියගෙ හිතුවක්කාරකමට ශාන් සහ ඒඩන් කවදත් පරාදයි...ඒ නිසා තාත්තයි පුතයි දෙන්නම දැක්ක විදියට ඉවෙන්ට් එකට ෆේස් කරල ඇවිත් අනුක් අයියව දැනුවත් කරන එක හොදයි කියල ඉදියේ.....

ඒක සාමාන්‍ය සෙනසුරාදා දවසක් වෙද්දි අනුක් අයියා විශේෂ වැඩක් නිසා උදෙන්ම කැම්පස් එකට යන්න ගිහින් තිබුනා.... වෙන ගමනක් යන මුවාවෙන් ශාන් අබේවික්‍රම බිග් හවුස් එකෙන් KDH එක අරගෙන ආව.....

Gt3Rs එක මහ පාරෙ අරගෙන යන්න පුලුවන් තත්වයක් නැති වුන නිසා  සාමාන්‍ය කන්ටේනර් එකකට ඒක පටවල වාහනේට මුලින් යන්න ඇරල වෙලාව කිට්ටු කරලම ඒඩන්ලා කොළඹින් පිටත් උනේ කටුකුරුන්දට මහ දුරක් නැති නිසා....

ඔය කටුකුරුන්ද රේස් ට්‍රැක් එක තිබුනෙ කොළඹ ඉදන් ගාල්ල පැත්තට එද්දි කළුතර ටවුන් එක පොඩ්ඩක් පාස් කරල හැරිලා යන්න තිබුන තැනකින්..ඒ පාර කෙලින්ම වැටුනේ මතුගමට....

" ටුටුවා පුතේ උඹ තාත්තගෙ නම නොකා දිනලම වරෙන් ඈ....."

ශාන් වාහනේ ඩ්‍රයිව් කරද්දි ඉස්සරහම ශාන්ට එහා පැත්තෙන් ඉදගෙන ඉදිය යසිරු කිව්වෙ පිටිපස්සෙ ශවීන් එක්ක ඉදගෙන ඉදිය ඒඩන්ට.....

" දිනන්න තමයි යන්නෙ..."

ඒඩන් කොණ්ඩෙ අතින් උඩට කරමින් කිව්වෙ දෑස් සිහින් කරල දැඩි ආත්ම විශ්වාසයකින්.... ක්‍රීම් පාට ශෝටකට බැගී ටී එකක් ඇදන් ඉදිය කොල්ලා සැහැල්ලුවෙන් ලෑස්ති වෙලා ඉදියෙ කොහොමත් ඉවෙන්ට් එකේදි වෙනමම සේෆ්ටි කිට් එකක් ඒකට උඩින්  අදින්න අවශ්‍ය නිසා....

CAROL 🌼Where stories live. Discover now