" අපි යමු කන්න...."
වෙනදට කොයි වෙලෙත් මොකක්ම හරි සද්දයක් නැත්තන් අඩුම ඩෝං ඩෝං ගාලා ගල් බෝර දානව වගේ සද්දයක් හරි ඇහෙන උඩ තට්ටුවෙ කෙළවරගේ ඒඩන්ගෙ රූම් එක අද හරිම සන්සුන්..... ඇස් පියාගෙන භාවනා කරන්න තරම් පුලුවන් නිහඩතාවයක් ඒ විශාල කාමරේ බිත්ති පුරා පැතිරිලා තියෙදි ටීක් හඩින් විටෙන් විටේ නාද වෙන හෘද ස්පන්දානය පෙන්වන මැශින් එකෙන් ඇහෙන ආද්දෙ ඇරුනු කොට තවදුරටත් ඒ කාමරේ සන්සුන්......
" වස්තුව......!"
නිසලව වැතිරිලා ඉන්න ඒඩන්ගෙ අතක් අල්ලගෙන ඒ අත නිකට යටට තද කරගෙන ඒඩන් දිහා බලාගෙන උන්න අනුක් අයියා දෑස් පියන් තද කරගත්තෙ ඇස් අගිස්සෙන් උණු කදුළු බිංදු දෙක තුනක් ගලාගෙන යද්දි.....
" අපි කන්න යමු....බෙහෙත් බොන්න ඕනේ......"
ඒ හිස පිරිමදිමින් ශාන් කියද්දි අනුක් අයියා බරවෙලා තිබුන නහය පිට අල්ලෙන් පිහිදගෙන සුසුමක් ගත්තා.....
" ඇයි .....එයා.....නැගිටින්...නැත්තෙ ශාන්..... "
" එයා ඉක්මනට ඇහැරේවි...ඩොක්ටර් කිව්වනේ......ම්....."
" මට බය හිතෙනව ශාන්.... "
"................."
" දැන් දවස් දෙකක් වෙනව .... දවස් දෙකක් මන් ඉවසුවා.... මාව මැරිලා යයි ශාන්.... මේ කොල්ලා..... මේ කොල්ලා....කොහොමද එහෙම..."
අනුක් අයියා ඒඩන්ගෙ අත දෙතොල් වලට තද කරගත්තෙ දෑස් වලින් කදුලක් දෙකක් ගිලිහෙද්දි.....
" ෆ්ලයිට් එකක් රෙඩි කරන්න ශාන්....අපි එයාව මවුන්ට් එලිසබෙත් ගෙනියමු... තව නම් මට බලන් ඉන්න බෑ ....... "
ශාන් නිහඩව ඒ රූම් එකේ ඉදිය ඩොක්ටර්ස්ලා දෙන්නටයි නර්ස්ල කීප දෙනාටයි ඉගි කරද්දි එයාලා ඒඩන්ගෙ නිදන කාමරෙන් එළියට ගියේ ශාන් අනුක් අයියා ළගින් ඉදගනිද්දි......
" මූ හරි ....පණ්ඩිතයි ශාන්.... උඹ වගේමයි.... මුව හදන්න මන් මඩුවගෙ වලිගෙ ගෙනාවත් මදී...."
"...................."
" ඒත් ශාන්.........මේ කොල්ලා මාරම අහිංසකයි..... එයාගෙ හදවත.....හරියට අහසෙන් මේ දැන් කඩන් වැටෙන හිම තුහින වගේ.... සිනිදුයි...... ඒ වගේම...මේ ළමයා හරි සුවදයි ශාන්... මන් කොහොමද බලන් ඉන්නෙ තවත්......මොකක් හරි කරන්නකෝ.... මාව මෙතනම මැරිලා යාවි එක්කෝ..... "
YOU ARE READING
CAROL 🌼
Non-Fiction" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?