වෙලාව හවස පහ වගේ වෙද්දි අම්මලටත් සමුදීලා අවසර අරගෙන රවීන් ගෙදරින් පිටත් වෙලා බස් එක ගන්න එක්ස්ප්‍රස් හෝල්ට් එකට ආවෙ ෆෝන් එක ඔබමින්....
ඇසිපිය ගහන පමාවට ගාල්ල කොළඹ බස් දෙක තුනක්ම ඇවිත් නැවැත්තුවත් ඒවයේ සෙනග ඉදිය නිසා රවීන් හෝල්ට් එකේ හිටගෙන ෆෝන් එකට කොටමීන් ඉදියේ ආරොන්ට කෝල් එකක් ගනිමින්.....එකදිගට රින්ග් උන කෝල්ස් තුනකට පස්සෙ ආරොන් ෆෝන් එක ආන්ස්වර් කරද්දි රවීන් ෆෝන් එක කනෙන් තියාගත්තෙ නැට්ට ගිනි අරගෙන....
" කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරපන් පගයො....."
" ............"
" කොහෙද උඹ ඉන්නෙ..."
" එයාපෝර්ට් යන ගමන්...."
" මාමාව ගන්නද ?"
" ම් "
" හරි හරි මන් දැන් බස් එකක් එනකන් ඉන්නෙ..."
" ඔයාට කෙලින්ම හොටෙල් එක ඉස්සරහෙන්ම බහින්න පුලුවන් වේද්..."
" හ්ම්..... එළියට වරෙන් මාව ගන්න..."
" ම් තිබ්බා...."
".............."
".............."
" වේ.....ද්...."
හරිම හෙමින් ඇහුන කටහඩ එක්කලා කට් කරන්න ගිය ෆෝන් එක රවීන් ආයෙත් කනෙන් තියාගත්තෙ පිළිතුරු දෙමින්..
" කියහන්..."
" සයිස් එක...."
" කාගෙද සුදු මැණිකෙ..."
" වේද් ?"
" ඕ....."
" ඔයාගෙ....සයිස් එක..."
" මොන සයිස් එකද සුදු මැණිකෙ..... මන් ඇදුමක් දෙකක් වැඩිපුර බැග්ගෙට ඔබාගත්තා.....උබ ඇදුම් ගන්න ඕනේ නැ..."
" වේද් ?"
" ඕ "
" ............"
" හෙලෝ......හලෝ...ඇහෙන්නැනේ..."
ඒත් එක්කම කෝල් එක කට් වෙද්දි රවීන් මූණ ඇදකරගත්තා...
" මොන මගුලක් කියනවද මන්දා..."
රවීන් එහෙන්මම පාර දෙපැත්ත බලද්දි කොළඹ පැත්තෙ ඉදන් ආව ඩියෝ ස්කූටර් එකක් රවීන්ගෙ ඇගට කපලම නැවැත්තුවෙ වටේ පිටේ උන්න එවුන් පවා පොඩ්ඩක් ගැස්සිලා යද්දි...
YOU ARE READING
CAROL 🌼
Non-Fiction" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?