08 🌼 Chord

3.5K 579 306
                                    

දවස දෙක හෙමින් ගතවේගේන යන අතරතුරේ ඒඩන්ලගෙ ගෙදර නම් ඒ තරම්ම සාමකාමී වතාවරණයක් තිබුනෙ නෑ....අනුක් අයියා තාමත් අප්පා - පුතා වර්ජන මෙහෙයුම සැරටම ක්‍රියාත්මක කරගෙන යද්දි ශානුයි ඒඩනුයි සෑහෙන දහම් ගැට ගානක් අනුක් අයියව යාළු කරගන්න ගැහුවත් එකක් වත් සාර්ථක වුනේ නෑ.....

ඒ අතරෙ අද අගහරුවාදා දවසක් වෙද්දි ඒඩන් ස්කෝලෙ නොගියේ එයාගෙ ෆුට් බෝල් ක්ලබ් එකේ කෝච් අද උදෙන් ප්‍රැක්ටිස් දාලා තිබුන නිසා.....

උදේ අටට පටන් ගත්ත සෙෂන් එක ඉවර වෙද්දි දොළහ විතර වුනේ ඒඩන් ඊලගට කෙලින්ම අබේවික්‍රම බිග් හවුස් එකට ලෑන්ඩ් කරද්දි....මොකද ගෙදර ගියාට වැඩක් තිබුනෙ නෑ ශාන් වත් අනුක් වත් ගෙදර නොහිටිය නිසා... ඒක උදේ වරුවක් නිසා ශාන් ඔෆිස් එකේ අනුක් අයියා කැම්පස් එකේ...

බිග් හවුස් එකත් පාළුවට ගිහින් තිබුනේ ශවීන්ලා ආර්තූර්ලා ශවින්ද්‍යාලා සේරම ස්කූල් ගිහින් ඉදිය නිසා.. ඔය අතරෙ ඒඩන් අබේවික්‍රම හවුස් එකේ කිචන් එකට පැනල ඒ ගෙදර සාමාකාමීව නිවාඩු පාඩුවේ නිදහසේ ඉදිය මිනිස්සුන්ටත් වද දෙන්න ගත්තෙ කිරි කෝපි එක හදල ඉල්ලලා.....

ඒඩන්ට ඒ ගෙදරයි කුරුදුවත්තෙ ගෙදරයි කියල වෙනසක් නම් තිබුනෙ නෑ.... ඕනෙ වෙලාවක ආවා ගියා තමන්ගෙ ගෙදර වගේ.... ඇරත් ඉතිං ගෙදර අයිතිය තිබුනෙ දයාබර පියාණන්ට නිසා කොහොමත් ඒක උගේ වගේ තමයි ....

" ඒ උනාට මිෂෙල් මමා , ඔයාට රත්තරන් හැන්ද කටේ ගහන් ඉපදුනාට රසට තේකක් එහෙම හදාගන්න බැරිකමක් නෑ නේද ?"

නිදාගෙන ඉදපු මනුස්සයවත් ඇහැරගෙන කෝපි එකක් හදාගත්ත ඒඩන් පළවෙනි උගුර රස බලලා එහෙම කිව්වෙ අබේවික්‍රම පවුලෙ බාල දුව උන යසිරුගෙ අම්මා මිෂෙල්ට.... 

" ෂෙරිල් මමාගෙ කෑම නම් කටේ තියන්න බෑ....ලුණුත් නෑ ඒව මොනවද මන්දා...."

ඉතිරි උගුරත් බීලා ඒඩන් කිව්වෙ එයාගෙම ආත්තම්මා උන ෂෙරිල් ගැන.... මිෂෙල් ඔළුව දෙපැත්තට ගසල කිචල් අයිල් එකට හේත්තු වුනේ ඒඩන්ගෙ වැඩේම ෂෙරිල් ගැන අනම් මනම් කියන එක කියල දන්න නිසා....... මීෂෙල් කියන්නෙ ෂෙරිල්ගෙ එකම නංගි උනත් දෙන්නගෙ ගතිගුන තිබුනෙ අහසට පොළව වගේ.... ෂෙරිල් කියන්නෙ අදටත් සෑහෙන කම්පැනි ගානක් හැන්ඩ්ල් කරන වයසට වඩා සෑහෙන ෆෝවර්ඩ් ගැහැණු කෙනෙක්.... තරුණ කාලෙ ඉදන්ම ලංකාවෙ සෑහෙන දෙනෙක් අතර කතාබහට පාත්‍ර වුන ඒඩන්ගෙ ග්‍රෑන්ඩ් මමා දැන් මහලු වයසෙ පසු  උනත් තාමත් කම්පැනීස් වල වැඩ හැන්ඩ්ල් කරගෙන නිදහසේ දිවි ගෙවපු කෙනෙක්....

CAROL 🌼Where stories live. Discover now