.
.
.හරියටම වෙලාව හවස පහ වෙද්දි ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකකුත් ඉවර කරල ඒඩන් කොළඹ ශීක්ෂණ රෝහල ඉස්සරහ හිටගෙන ඉදියේ ඔරලෝසුවෙන් වෙලාව බලමින් එහෙට මෙහෙට යන ගමන්....
ඒක සාමාන්‍ය බ්‍රහස්පතින්දා දවසක් වෙද්දි ඒ සතියෙම සුපුරුදු පරිදි ඒඩන් ස්කෝලෙ ගියා... සතිය බොහොම සාමාන්‍ය විදියට ගත වුනත් අසාමාන්‍ය කරුණු නොතිබ්බම නෙමෙයි....
පොඩ්ඩක් විතර හිත නිදහසේ ඒඩන් ඒ සතිය ගතකලේ බාහිර අවුල් මුකුත් ඒ හැටි සිද්ධ නොවුන නිසා....
කොහොමහරි ඊයෙ රෑ අනුක් අයියගෙ ෆෝන් එකෙන් ඒඩන් නිකේත්ට මැසේජ් එකක් දැම්මා හෙට හවස පහ වෙද්දි හොස්පිටල් එක ළගට එන්නම් කියල එයාව අරගන්න.....
අවසානෙ ඒඩන් දැන් මේ බලාගෙන ඉන්නෙ නිකේත් ටිචින් හොස්පිටල් එකෙන් එළියට එනකන්.....
ඒඩන් ස්කූල් යුනිෆෝම් එක පිටින් ආයෙත් වතාවක් හොස්පිටල් එකේ මේන් එන්ට්‍රන්ස් එක ඉස්සරහ එහාටයි මෙහාටයි ගියේ තොලේ කොනක් හපාගෙන....
' අද එන්නැද්දෝඕ '
ඒඩන් කෑ ගහල හිතෙන් අහද්දිම හොස්පිටල් එකේ ඈත කෙලවරකින් තද නිල් පාට ස්ක්‍රබ් කීපයක් මතු උනේ ඒඩන් ඉනට අත් දෙක තියාගනිද්දි....
දෑස් හීනි කරන් ඈතින් එන කොල්ලො කෙල්ලො කීපදෙනෙක් දිහා බලන් ඉදියත් ඒඩන් නිකේත්ව නම් ඒ අතරෙ දැක්කෙ නෑ.......
තව විනාඩි පහක් විතර බලලා ඒත් එක්කම එළියට ආව අක්කා කෙනෙක්ගෙ ළගට ඒඩන් ගියේ ඒ අක්කත් ඒඩන්ව අදුනගනිද්දි..... කොහොමත් ඒඩන් පහුගිය කාලෙ සතියකට දවස් දෙකක් වත් සමහරක් අය එනකන් ඔය කැම්පස් ළග මුර කලානේ.....
මොනා නැතත් සරසවි නොගියත් ඒඩන්ට නම් සරසවි පෙමක පහස ලබන්න නම් පුලුවන් උනා අන්තිමට..... කැම්පස් එකේ ලයිබ්රි එක කැම්පස් එකේ හෙවණ ගස් යට පහුගිය කාලේ නිකේත්ට තනි රැක්කේ ඉතිං ....
" හායි...."
කෙලින්ම ගිහින් නිකේත් කොහ් කියල අහන එක කොහොමත් අවුල් නිසා ඒඩන් ඒ අක්කට පැණි හිනාවක් දැම්මා....
YOU ARE READING
CAROL 🌼
Non-Fiction" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?